එලැඹෙන ජුනි මස 01දා වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 100,000 ඉක්මවා යන බව එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන (CDC) අධ්යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් පුරෝකථනය කරයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් රෙඩ්ෆීල්ඩ් කියා සිටියේ, "එක්සත් ජනපදයේ සිදුවිය හැකි කොවිඩ්-19 මරණ පිළිබඳ විවිධ පුරෝකථන ආකෘති 12ක් CDC විසින් සොයා ගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, ජුනි මස 1 වැනිදා වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 100,000ක් ඉක්මවනු ඇති." යනුවෙනි.
ඔහුගේ ට්වීටර් පණිවුඩය නිකුත් කෙරෙන්නේ, වොෂිංටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් පසුගිය අඟහරුවාදා සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනය පිළිබඳ ආකෘතිය සංශෝධනය කිරීමෙන් පසුවය. බොහෝ විට ධවල මන්දිරය විසින්ද උපුටා දැක්වූ මෙම ආකෘතියට අනුව අගෝස්තු 4දා වනවිට එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය ආශ්රිත මරණ 147,000ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කෙරිණි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව අද (16දා) අලුයම වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 මරණ 87,530ක් වාර්තා වන අතර, වැඩිම මරණ වාර්තා වන්නේ නිව්යෝක් ප්‍රාන්තයෙනි. එම අගය 27,878කි. එමෙන්ම නිව් ජර්සි ප්‍රාන්තයද ආසාදිත මරණ 10,000 ඉක්මවා තිබේ.
මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත අගය 1,442,657කි. මේ අතර වෛරසය ආසාදිතව සුවය ලබා ඇති පිරිස 250,000 ඉක්මවා තිබේ.