පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් ප්රමුඛ ලක්ෂ සංඛ්‍යාත තරුණ ජීවිත බිලිගනිමින් දිනෙන් දින ව්‍යාප්තවන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම වලක්වමින් ජාතියේ සහ මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සිවු දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීම සඳහා තමා මේ වන විට අත්සන් තබා ඇති අතර ඊට විරුද්ධව කථා කරන සියලූ පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සහය වන්නන් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව, ලංකාපුර විජිත මහා විද්‍යාලයේ අද (28) පෙරවරුවේ පැවති උත්සවයක දී ය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා අත්සන් තැබුවේ කිසිවෙකු කෙරෙහි වෛරයෙන් හෝ ක්‍රෝධයෙන් නොව මෙම දරුණු සමාජ ව්‍යසනයෙන් ජාතිය සහ මතු පරපුර බේරාගැනීම වෙනුවෙන් බවයි.
එබැවින් එම වැඩපිළිවෙළ ආපසු හැරවීමට කිසිවෙකු උත්සාහ නොදැරිය යුතු අතර එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා සමග ද තමා මේ පිළිබඳ ඊයේ රාති‍්‍රයේ දුරකථන සංවාදයක නිරතවෙමින් කරුණු පැහැදිලි කළ බවද ජනාධිපතිතුමා කියා සිටියේය.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන තමා අද ඊයේ ආරම්භ කළ එකක් නොවන බවයි. මෙම දරුණු සමාජ ව්‍යසනයෙන් ජාතිය ගලවා ගැනීම තමා ආරම්භ කළ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් බවත් එම ගමනේ දී විවිධ බාධා එල්ල වූ අතරම ජනාධිපතිවරයා ලෙස සියලූදෙනාගේ සහයෝගයන් එම වැඩපිළිවෙල අද සාර්ථක අවසානයක් කරා මෙහෙයවමින් සිටින බව ද ජනාධිපතිතුමා පැවසීය.
පිබිදෙමු පෙළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ ලංකාපුර විජිත මහා විද්‍යාලයේ ඉදිකෙරුණු පන්තිකාමර 15කින් යුත් තෙමහල් ගොඩනැඟිල්ල අද පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.
මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 30 කි.
කෂිනි හපුආරච්චි