ජංගම ලී මෝල් තහනම් කිරීම සඳහා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 1891/26 දරන දැව මඩු ලියාපදිංචිය සහ දේපළ සලකුණ පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට නියමිත බව මහවැල් සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
එම සංශෝධනය තුළින් සාම්ප්‍රදායික වඩුමඩු තහනම් නොවන බවත්, එහෙත් 2022 දෙසැම්බර් 31 වැනිදායින් පසු ජංගම ලීමෝල් පවත්වාගෙන යෑම තහනම් වන බවත් එම අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
දිවයින පුරා ජංගම ලීමෝල් 300ක් පමණ ලියාපදිංචි කර තිබෙන බවත්, 2022.12.31 වැනිදායින් පසු තහනම් වන්නේ මෙම ලීමෝල් පමණක් බවත් අදාළ නිවේදනය මගින් පෙන්වාදී තිබේ.
එමෙන්ම නීත්‍යනුකූල ක්‍රම‘වේදය යටතේ ලී ලබාගන්නා අයට සාම්ප්‍රදායික වඩු කර්මාන්තයේ යෙදීමට බාධාවක් නොවන බවත්, නීත්‍යනුකූලව පවත්වාගෙන යන දැව මඩුවල දෛනික ගනුදෙනු පිළිබඳ වාර්තා පවත්වාගෙන යායුතු අතර, එක් එක් මාසය අවසානයේ සහතික කළ පිටපතක් අදාළ ප්‍ර‘දේශයේ වන අඩවි නිලධාරීවරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතු බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
