ඡන්ද මධ්‍යස්ථාන ටෙලිෆෝන් බූත් නෙමෙයි - SSP රුවන්
ඡන්ද මධ්‍යස්ථාන 'ටෙලිෆෝන් බූත්' නොවන බවත් ඡන්ද මධ්‍යස්ථානක තිබෙන්නේ 'පෝලිම් බූත්' නිසාත් ඡන්ද මධ්‍යස්ථාන තුළට ඡංගම දුරකතන රැගෙන යෑම අනවශ්‍ය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
අද (15දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ඡන්දය ප්‍රකාශ කිරීමට යෑමේදී ඡන්ද පත්‍රිකාව හා අනන්‍යතාව සහතික කිරීමේ පත්‍රිකාව පමණක් රැගෙන යෑම ප්‍රමාණවත් බවත් ඔහු ප්‍රකාශ කළේය.
යම් හෙයකින් ඡංගම දුරකතනයක් රැගෙන ගොස් එය ඡන්ද මධ්‍යස්ථානය තුළ නාද වුවහොත් එය මැතිවරණ රාජකාරියේ නිරත නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් ලෙස සලකන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

popular news
-
Dayan Friday, 15 November 2019 08:58 PM
මැතිවරණ කොමිසමේ සභාපති තුමා කිව්වේ එහෙම තහනමක් නෑ කියල. මේ සම්බන්ධව බලවත එතුමය්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

