මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඡන්ද දායකයන්ගේ කැමැත්ත දිනාගැනීමට ඔවුන්ට කොමඩු, දොඩම් ආදී සන්තෝසම් ලබාදීම හේතුවෙන් එල්ල වන චෝදනා හමුවේ ජපානයේ නව කර්මාන්ත අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඉස්ෂු සුගවාරා අමාත්‍යවරයා ටෝකියෝ නුවර ජනතාව වෙත මෙසේ සන්තෝසම් ලබාදී ඇත්තේ පසුගිය මහ මැතිවරණයේදී තමන් වෙත ඡන්ද දායක කැමැත්ත දිනාගැනීමට බව කියැවෙයි.
එමෙන්ම, ඔහු තවත් ඡන්ද දායකයෙකු වෙත ජපන් යෙන් 20,000ක මුදලක්ද සන්තෝසමක් ලෙස ලබාදී ඇති බව අනාවරණය වෙයි.
ජපාන මැතිවරණ නීතිය අනුව ඡන්ද දායකයන් වෙත සන්තෝසම් ලබාදීම සපුරා තහනම් වන අතර, අගමැතිවරයාගේ සන්තෝසම්වලට ස්තූතිය පළ කරමින් අදාළ ඡන්දදායකයන් විසින් ඔහුට එවා ඇති ස්තූති ලිපිද එරට මාධ්‍යවල පළවිය.
මේ අතර, අදාළ අමාත්‍යවරාය ඇමති මණ්ඩලයට පත්කර ගැනීම සම්බන්ධයෙන් වූ වගකීම තමන් දරණ බව පවසා ඇති අගමැති ෂින්සෝ අබේ, ජපාන ජනතාවගෙන් දැඩිව සමාව අයැද ඇති බවද විදෙස් වාර්තා පවසයි.