චීනය සහ ශ්‍රී ලංකාව හොඳ අසල්වැසියන්, හොඳ මිතුරන් සහ හොඳ හවුල්කරුවන් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.
ශ්‍රී ලංකා චීන ද්විපාර්ශ්වික සබඳතා නව තලයකට පැමිණ ඇති බවත් ඒ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය අංශයන්හි දියුණුවක් ඇතිව තිබෙන බවත් ඔහු සඳහන් කරයි.
ශ්‍රී ලංකා පාර්ලිමෙන්තු මන්ත්‍රී කණ්ඩායමේ චීන සංචාරයෙන් පසුව පැවැති උත්සවය අමතමින් ඔහු මේ බව පැවැසීය.
චීන-ශ්‍රී ලංකා සහයෝගීතාවය හරහා නොරොචෝල බලාගාරය, කටුනායක ගුවන් තොටුපල අධිවේගී මාර්ගය, දකුණු දුම්රිය මාර්ගය, කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය, කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය වැනි මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීමට හැකිවූ බවත් ඒ හරහා දෙරටට වැඩි ප්රතිලාභ හිමිවන බවත් ඔහු සඳහන් කරයි.
මීට වසර 70 කට පෙර චීනය ඉතා දුප්පත් හා දුර්වල රටක් වූ බවත් අර්ධ යටත් විජිතකරණයට ලක්ව තිබූ චීනයට බටහිර බලවතුන් හිරිහැර කළ බවත් ඔහු සඳහන් කරයි.
කෙසේ වෙතත් චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ශක්තිමත් නායකත්වය, චීන ජනතාවගේ දැවැන්ත උත්සාහය සහ රටේ ස්වාධීනත්වයට හා චීන ජාතියේ විමුක්තිය වෙනුවෙන් සටන් කරන ලක්ෂ සංඛ්‍යාත වීරයන්ගේ කැපකිරීම් මත චීනය ඉදරියට පැමිණි බවත් ඔහු සඳහන් කරයි.
