ශ්‍රී ලංකාවට මිත්‍රශීලී රාජ්‍යයක් වෙන චීනය මේ අවස්ථාවේදී මුහුණ දී ඇති අපහසු අවස්ථාවේදී ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදිය යුතු බවත් ඔවුන් කොන් නොකළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාවන්නි ආරච්චි මහත්මිය සඳහන් කළාය.
“චීන රජය අපේ ලංකාවට ඉතාම සුමිතුරු රාජ්‍යයක්. ඉතිහාසය පුරාම අපිට මතකයි යුද්ධය තිබෙන වෙලාවෙත් ආරක්ෂක කවුන්සිලයේදී දෙබිඩි පිළිවෙතක් අනුගමය නොකර සෘජුවම ලංකාව සමග හිටගත් රාජ්ය්යක්.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලයටත් එහා ඉදලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් සමගත් චීනය ඉතාම මිත්රශීලීව කටයුතු කරනවා. අපේ රටට හිතවත් මිත්‍රශීලී ලෝක ආර්ථික බලවතෙක් ලෙස අපි චීනය දකිනවා.
මේ අවස්ථාවේදී චීනය අනවශය ලෙස අපහසුතාවට පත්කරලා කටයුතු කළ යුතුයැයි අප විශ්වාස කරන්නේ නෑ. අපිට හැම අවස්ථාවේදී සහාය දුන් රාජ්‍යයක් ලෙස කෘතගුණ දත් ශ්‍රී ලාංකිකයන් මේ වෙලාවේදී ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදෙමින් ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.
රටවැසියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා චීනය අපේ රටට සහයෝගය ගැන හිතලා ඔවුන්ව කොන්කිරීමට ලක්කරන්න අවශය නෑ කියලා.”
