චිනයෙන් බිලියනයක ප්‍රදානයක්
චීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින ශක්තිමත් මිතුදම තවදුරටත් තහවුරු කරමින් චීන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ප්රදානය කෙරුණු ජල ලොරි බවුසර් 90 ක් නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
පසුගිය කාලය පුරා පැවති කාලගුණික බලපෑම් හේතුවෙන් රජය ආරම්භ කළ සහන වැඩපිළිවෙළට සහය දැක්වීමක් වශයෙන් රුපියල් බිලියනයකට අධික වටිනාකමකින් යුත් මෙම ජල බවුසර් ප්රදානය සිදු කිරීමට පියවර ගෙන තිබිණි.
සංකේතාත්මකව ජල බවුසර් 02 ක් මෙහිදී නිල වශයෙන් භාරදීම සිදු කෙරුණු අතර, ප්‍රදානයට අදාළ යතුරු සහ ලිපි ලෙඛන ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙං ෂූ ඈන් මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගන්වන ලදී.
ජනාධිපතිතුමා එම ලිපි ලේඛන ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාර දෙනු ලැබීය.
අනතුරුව ජනාධිපතිතුමා ජල බවුසර් නිරික්ෂණය කිරීමට ද එක් විය.



popular news
-
rocky Wednesday, 19 December 2018 08:11 PM
ඕවා ගත්තා වගේ නෙවෙයි. අනිත් පැත්තෙන් අපට කෙලිනකොට බලා ගන්න බැරිය!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

