චිචීගේ පල්ලියේ විවාහයට අර්ජුන් ඇලෝසියස් ඇවිත් තිබෙනවා - රන්ජන්
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ කොල්ලුපිටිය ක්‍රිස්තියානි පල්ලියේ පැවැති විවාහ උත්සවයට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අර්ජුන් ඇලෝසියස් පැමිණ ඇතැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
අද (30දා) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට ඔහු මේ බව සඳහන් කළේය.
ඒ පිළිබඳව තමන්ට තොරතුරු ඇති බවත් ඇලෝසියස් හා බිරිඳ රෝහිත් රාජපක්ෂ යුවළ සමග ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් තමන්ට ඉදිරියේදි ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.
"මම වගකීමෙන් කියන්නේ. මට නඩුවක් දාන්න. නාමල් රාජපක්ෂ මහතා අර්ජුන් ඇලෝසියස්ට පාර්ලිමේන්තුවේ වැඩියෙන් බනින්නේ නෑ. මේ එක රෑනේ කට්ටිය. "

popular news
-
Sukiri Thursday, 31 January 2019 02:47 PM
ඉතින් තමුසෙට මොකද නලියනවද
Reply : 7 0
Don Thursday, 31 January 2019 08:45 PM
චිචී යි, චුචූයි එකතුවෙලා තමයි Aston මාර්ටින් අරගෙන දිව්වේ
Reply : 0 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

