ෂෙන්ෂෝ-12 අභ්‍යවකාශ මෙහෙයුම මිනිසුන් සහිතව දියත් කරමින්, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ඔවුන් සාර්ථකව පිටත්කර හැරීමට හැකිවීම පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනයේ ප්‍රධානී බිල් නෙල්සන් චීනයට සුබ පැතුම් එක්කර තිබේ.
"කාර්ය මණ්ඩලය ඔවුන්ගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සාර්ථකව දියත් කිරීම ගැන චීනයට සුබ පැතුම්! ඉදිරියේදී විද්‍යාත්මක සොයාගැනීම් බලාපොරොත්තු වෙනවා" යනුවෙන් නෙල්සන් නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වෙයි.
දැනට පෘථිවි කක්ක්ෂයේ ඇති ඇමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය විසින් අභ්‍යවකාශයේ ස්ථාපිත කළ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට කිසිදු අවස්ථාවක චීනයේ ගගනගාමීන්ට අවස්ථාවක් ලබාදීමට ඇමෙරිකාව කටයුතු නොකළේය. ඔවුන් එය සිය ව්‍යවස්ථාවෙන්ම වළක්වාලනු ලැබීය.
කෙසේ වෙතත් දැන් ඒ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අනාගතයද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත්තේ, වර්ෂ 2024න් පසුව එයට අරමුදල් සැපයීම සම්බන්ධ ගැටලුවක් නිසාය.
මේ තත්ත්වය තුළ යම් ලෙසකින් ආමෙරිකාව කක්ෂගත කළ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බිඳ වැටුණොත්, ලොව අභ්‍යවකාශ මධ්‍යස්ථානයක එකම ක්‍රියාකරු බවට චීනය පත්වීම නොවැළැක්විය හැකිය.