එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් චීනයේ සිනෝෆාම් එන්නත කොවිඩ් -19 වෛරසයට එරෙහිව 86% ක ඵලදායීතා අනුපාතයක් අන්තර් විශ්ලේෂණයන් මත පදනම්ව ප්‍රකාශයට පත්කර තිබේ.
කොවිඩ්-19 වෛරසයට එරෙහි චීනය නිෂ්පාදනය කළ එන්නතක් සඳහා පළමු වැනි කාර්යක්ෂමතා අනුපාතය මෙසේ අනාවරණය කෙරණි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ජූලි මාසයේදී එරට තුළ ආරම්භ කරන ලද සායනික අත්හදා බැලීම්වල අතුරු විශ්ලේෂණයන් මත පදනම්ව, චීනයේ ජාතික බයෝටෙක් සමූහයේ එන්නතෙහි ප්‍රතිඵල මෙසේ ප්‍රකාශයට පත්කර ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එසේම පෙරටුගාමී සේවකයින් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සැප්තැම්බර් මාසයේ හදිසි භාවිතය සඳහාද මෙම එන්නත අනුමත කළේය.
ඒ අනුව විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන්නේ එන්නතෙහි බරපතල අවදානමක් නොමැති බව යැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සායනික අත්හදා බැලීම්වලට පමණක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ විවිධ ජාතිකත්වයන් 125කට අයත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවන් 31,000ක් ඇතුළත් වී ඇති බව එම නිවේදනයේ දැක්වේ. එහිදී මෙම ස්වේච්ඡා ජාතික එන්නත් කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස එමිරේට්ස් හි 100,000කට ආසන්න පිරිසකට මෙම එන්නත ලැබී ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උප ලේකම් ජමාල් අල් කාබි පැවසීය.
චීනය ගෝලීය වශයෙන් රටවල් වලට කොවිඩ්-19 එන්නත් මිලියන ගණනක් ලබාදීමට පොරොන්දු වී ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙන්ම, සායනික අත්හදා බැලීම්වලට සම්බන්ධව සාර්ථක වූ අපේක්ෂකයන්ටද ප්‍රමුඛතාව ලබා දී තිබේ.