චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම ගෙවීගිය දිනයේ එරටින් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 17 දෙනෙකු වාර්තා කර ඇති අතර, ඒ සියලු දෙනාම විදේශයන්හි සිට පැමිණි අය බව කියයි.
ඒ අනුව ගෙවීගිය දිනයේදී චීනයෙන් කිසිදු දේශීය සම්ප්‍රේෂණයක් වාර්තා කර නොමැති බව සෞඛ්‍ය දත්ත පෙන්වා දෙයි.
මෙම ආසාදිතයන් 17 දෙනා සමග චීනයේ විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන් සංඛ්‍යාව 2,499ක් වන බව ෂින්හුවා පුවත් ඒජන්සිය පවසයි.
වෛරසය හේතුවෙන් චීනයේදී මේ දක්වා මියගොස් ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4,634ක් වන අතර ආසන්න කාලසීමාවේදී මරණ වාර්තා නොවීය. එසේම චීනයේ කොවිඩ්-19 ආසාදිතයන් 85,048 දෙනෙකු සුවය ලබා ඇත.