චීනයේ පරිපාලනය කරන කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 800ක් ඉක්මවා ගොස් ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
එරට ජාතික සෞඛ්‍ය කොමිසම අද (09දා) පවසා සිටියේ අඟහරුවාදා දිනය වනවිට චීනය එන්නත් මාත්‍රා මිලියන 800ක් ඉක්මවා ගිය බවයි.
ඒ අනුව ලොව වේගවත්ම එන්නත්කරණයක් ළඟා කරගෙන ඇති රට බවට චීනය පත් වනවිට, චීනයට පසුව වැඩිම එන්නත්කරණයක් සිදුකර ඇති ඇමෙරිකාවේ මේ වනවිට ලබාදී ඇති සමස්ත මාත්‍රාවන් සංඛ්‍යාව මිලියන 300ක් පමණි.
චීනය තම රට තුළ එන්නත්කරණය වේගවත් කර ඇති අතරම, ඒ හා සමානව ලෝකය වෙත එන්නත් අපනයනයට මෙන්ම, සහනාධාර ලෙස මිලියන ගණනින් ලබාදීමටද පෙරමුණ ගෙන ඇති රාජ්‍ය බවට මේ වනවිට පත්ව තිබේ.