ලෝකයේ වඩාත් වේගවත් එන්නත්කරණයක් සිදුකරන රාජ්‍ය ලෙස මේ වනවිට චීනය තුළ එන්නත් ලබාදීම බිලියනයක සීමාව වෙත ළඟාවී ඇති බව චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව ඊයේ (18දා) දිනය වනවිට චීනයේ කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 990.25කට වැඩි ප්‍රමාණයක් ලබාදී තිබූ බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි. එමෙන්ම චීනය තුළ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස මිලියන 225ක් ඉක්මවා ගොස් ඇත.
ඉන්දියාව කේන්ද්‍ර කරගෙන ඇති වූ ඉහළ සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ලොව රටවල් කිහිපයකින්ම වාර්තා වීම ඇරඹෙත්ම චීනය සිය එන්නත්කරණය වේගවත් කළ අතර, දෛනිකව මිලියන 20ක් ඉක්මවමින් එන්නත් ලබාදීම සිදුකරනු ලබයි.
චීනයේ නිෂ්පාදිත සීනොෆාම් සහ සීනොවැක් එන්නත් එරට එන්නත්කරණයේ ප්‍රධාන එන්නත් වර්ග වන අතර, මෙම එන්නත් දෙකම මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද හදිසි භාවිත අනුමැතිය ලබාදී ඇති එන්නත් වෙයි. එමෙන්ම ලොවපුරා රාජ්‍යයන් රැසක එම එන්නත් මේ වනවිට භාවිත වෙයි.