චීනයේ චැන්ග්-5 ගවේෂණයේ මේ වනවිට සඳ කක්ෂයේ රැඳී සිටින ඕබිටර්-රිටනර් (ආපසු පැමිණෙන යානා) යානා චන්ද්‍ර පෘෂ්ඨයෙන් ලබාගත් පාෂාණ සාම්පල ඒ වෙත ලබාදුන් ඇසෙන්ඩර් (සඳ පෘෂ්ඨයේ සිට ඉහළ පැමිණි යානය) යානයෙන් වෙන්ව පෘථිවිය වෙත යළි පැමිණීමට සුදුසු වේලාව එනතෙක් බලා සිටින බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය නිවේදනය කරයි.
ඒ අනුව මෙම ඕබිටර්-රිටනර් යානා ඇසෙන්ඩර් යානයෙන් වෙන්වීම ඊයේ ප.ව. 12:35 ට පමණ සිදුව තිබේ.
චැන්ග්-5 ගවේෂණයේ ආපසු පෘථිවිය කරා පැමිණෙන රිටනර් යානය පෘථිවිය සහ චන්ද්‍රයා අතර ජ්‍යාමිතික සබඳතාව සුදුසු තත්ත්වයකට පත්වූ විගස චන්ද්‍ර කක්ෂය මතින් පිටත්වීම ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ චන්ද්‍ර පෘෂ්ඨයෙන් එකතු කරගනු ලැබූ කිලෝග්‍රෑම් 2ක පමණ පාෂාණ සාම්පලද සමගිනි.
එය පෘථිවි වායුගෝලයට ඇතුළු වීමෙන් පසුව උතුරු චීනයේ අභ්‍යන්තර මොන්ගෝලියාවේ ස්වයං පාලන කලාපයේ සිසිවාං වෙත ගොඩබසිනු ඇත.