චීනයෙන් සිගරට් ගෙන්වීමට කටයුතු කළහොත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්කොළ ආශ්රිත නිෂ්පාදන අධෙර්යමත් කිරීමට සිදුකරන වැඩපිළිවෙළට බාධා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරයි.
මේ නිසා අදාළ කටයුක්ත සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලීමක් කළ බව එම කාර්යාලයේ නියෝජිත වී. සුවින්දන් මහතා සඳහන් කළේය.
දුම්කොළ හා මද්‍යසාර නිවාරණය කිරීම අතින් සාර්ථකත්වයක් ලබාගත් ලෝකයේ පළමු රටවල් 15ට ලංකාව ඇතුළත්ව තිබෙන බවත්, එවැනි තත්ත්වයක් තුළ චීනයෙන් සිගරට් ගෙන්වීම රටට යහපත් නොවන බවත් හෙතෙම පවසා සිටියේය.