චීනයේ ඉහළ පෙලේ දූත පිරිස නිරෝධායනය ක්‍රියාවලියට යොමුවීමකින් තොවර ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය ප්‍රශ්න කරනු ලැබීය.
එයට පිළිතුරු දෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසුවේ ඔවුන් පැමිණියේ සංචාරක බුබුල යන සංකල්පය මත බවත් එම කණ්ඩායම දීර්ඝ කාලයක සිට සෞඛ්‍යමය නිරදේශ අනුව කටයුතු කරමින් බවත් ඔහු පැවැසීය.
මෙම පිරිස දිවයිනට පැමිණීමට පැය 48කට පෙර ලබාගත් පී.සී.ආර්. වාර්තා රජයට ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.
රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කිරීමේදි ප්‍ර වේශමෙන් කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.