ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂුයෑන් ( Cheng Xueyuan) මහතා ඊයේ (7) කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක්විය.
ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානි වූ දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව සොයා බැලිම සඳහාය. මේ සංචාරයේ දී පාස්කු ප්‍රහාරයෙන් අනතුරට ලක්වූ මිගමුව ප්‍රදේශයේ දරුවන්ඒ කිහිප දෙනෙකු ගේ සුවදුක් විමසා බැලීමටද ඒ මහතා කටයුතු කළේය.
එහිදි තානාපතිවරයා විසින් අනතුරට ලක්වූවන් වෙනුවෙන් මිගමුව මහනගර සභාව හරහා විශේෂ පරිත්‍යාගයක් ද සිදු කළේය.
එමෙන්ම තානාපතිවරයා විසින් මීගමුව අවට සිටින පවුල් කිහිපයක සුවදුක් විමසිමටද ගිය අතර එහිදි ඔහු මෙම අවසානාවන්ත සිදුවීම සම්බන්ධයෙන් සිය බලවත් කනගාටුව හා ශෝකයද එම පිරිස් වෙත පිරිනැමීය.