චීන ජනාධිපති ෂී ජින්පිං විසින් නව කොරෝනා වෛරසය ආසාදිතව සිටින එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යා මෙලනියා ට්‍රම්ප්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.
"මගේ බිරිඳ පෙන්ග් ලියුවාන් සහ මම ඔබට (ට්‍රම්ප්) සහ ඔබේ බිරිඳට අපගේ දයානුකම්පාව ප්‍රකාශ කරනවා. ඔබ දෙපළට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා" යැයි ෂී පවසා තිබේ.
සිකුරාදා COVID-19 සඳහා ධනාත්මක පරීක්ෂණයක් සිදු කළ බව ජනාධිපති සහ ජනාධිපති ආර්යාව ට්විටර් පණිවුඩ නිකුත් කිරීමෙන් පසුව ඇමෙරිකානු නායකයා විරසකව සිටි බොහෝ රාජ්‍ය නායකයන් ඔහුට සුභාශිංසන එක්කර තිබුණි.
විශේෂයෙන්ම නව කොරෝනා වෛරසය චීනය විසින් සඟවාගෙන සිටි බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ පදයට නටන බවටත් ට්‍රම්ප් දිගින් දිගටම චීනයට චෝදනා කළද චීන නායකයා ඒ සෑම අවස්ථාවකම ට්‍රම්ප්ගේ චෝදනා ප්‍රතික්ෂේප කළේය.