චීනයේ සිනොවැක් බයෝටෙක් සමාගම නිපදවූ කොවිඩ්-19 වෛරසයට එරෙහි කොරෝනාවැක් එන්නත තුර්කිය වෙත දින කිහිපයකින් ලැබෙනු ඇති අතර, මෙම එන්නත එරට තුළ සිදුකළ දේශීය සායනික පරීක්ෂණවලින් 91.25%ක ඵලදායීබවක් පෙන්නුම් කළ එන්නතක් බවට පත්ව තිබුණේ චීනයේ වෛද්‍ය ක්ෂේත්රයේ දියුණුවද ලොවට පසක් කරමිනි.
"මේ එන්නත තුර්කි ජනතාවට ඵලදායී හා ආරක්ෂිත බව අපට විශ්වාසයි" තුර්කියේ සෞඛ්‍ය අමාත්‍ය ෆැරෙටින් කොකා ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
එන්නතෙහි මූලික ආරක්ෂණ අනුපාතය 91.25%ක් වන අතර තුර්කියේදී සිදුවූ සායනික පරීක්ෂණවලදී විශාල අතුරු ආබාධ කිසිවක් දක්නට නොලැබුණු බවද කොකා පැවසීය.
චීන එන්නත මාත්‍රා මිලියන 3ක් පළමු නැව්ගත කිරීම අද (28දා) තුර්කියට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළේ තුර්කි රජය විසින් මාත්‍රාවන් මිලියන 50ක් දක්වා මිලදී ගැනීමේ ගිවිසුමකට අත්සන් තැබීමෙන් පසුවය. එම මාත්‍රාවන් සියල්ලම පෙබරවාරි මස අග වනවිට රටට පැමිණෙනු ඇත.
එන්නත ලබා ගත යුතු මූලික කණ්ඩායම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වන අතර, දිනකට මිලියන 1.5ක් හෝ මිලියන 2ක ජනතාවකට මෙම මාත්‍රා ලබාදිය හැකි පුරෝගාමීන් අතර තමාද සිටින බව කොකා පැවසීය.
ආසියාවේ බහරේනය දෙසැම්බර් 13දා චීනයේ ජාතික ඖෂධ සමූහය (සීනෝෆාම්) විසින් සකස් කරන ලද COVID-19 එන්නත අනුමත කර ඇති අතර, පුරවැසියන් සහ නිවැසියන් සඳහා එන්නත සඳහා මාර්ගගත ලියාපදිංචි කිරීමක් දියත් කර තිබේ.
ජාතික සෞඛ්‍ය නියාමන අධිකාරියේ ප්‍රකාශයක් මගින් සීනෝෆාම් විසින් නිපදවන ලද එන්නත් දෙකෙන් කුමන එන්නත ලබාදී ඇත්දැයි නිශ්චිතව දක්වා නැතත්, එය තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම්වල දත්ත උපුටා දක්වමින් බහරේනයේදී ඊට සහභාගී වූ පිරිසට 86%ක කාර්යක්ෂමතා අනුපාතයක් පෙන්නුම් කර ඇති බව කියයි.
වයස අවුරුදු 18 ට වැඩි පුරවැසියන්ට සහ පදිංචිකරුවන්ට නොමිලේ එන්නත ලබා ගැනීම සඳහා මාර්ගගතව ලියාපදිංචි විය හැකි බව බහරේනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සඳහන් කර තිබේ.
චීනයේ ජාතික ඖෂධ සමූහයේ (සීනෝෆාම්) චීන ජාතික ජෛව තාක්ෂණ සමූහයේ ඒකකයක් වන බීජිං ජෛව විද්‍යාත්මක නිෂ්පාදන ආයතනය විසින් සංවර්ධනය කරන ලද එන්නතක් සඳහා ප්‍රමාද වූ සායනික අත්හදා බැලීම් පිළිබඳ අන්තර් විශ්ලේෂණය, මෙම මස මුලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ප්‍රකාශයට පත් කරන ලද දත්ත හා සමාන වී තිබේ.
එමෙන්ම මැලේසියාව කියා සිටියේ, ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් ආවරණය වන පරිදි එන්නත් මාත්‍රාවක් ලබාගැනීම සඳහා රජය දැන් චීනය පදනම් කරගත් නිෂ්පාදකයින් වන සිනොවැක් සහ කැන්සිනෝ සමග අවසන් සාකච්ඡා කරමින් සිටින බවයි.
ලතින් ඇමරිකාවේ, බ්‍රසීලයේ රාජ්‍ය බුටැන්ටන් ආයතනය විසින් බදාදා ප්‍රකාශයට පත් කළේ චීනයේ සිනොවැක් විසින් නිපදවන ලද කොරෝනාවැක් එන්නත නව කොරෝනා වෛරසයට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානයට අවශ්‍ය කාර්යක්ෂමතා මට්ටමක් අත්කර ගත් බවයි.
මෙම එන්නත "වෙළඳපොළේ ආරක්ෂිතම" බව දත්ත මගින් සනාථ කෙරෙන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ බ්‍රසීලයේ සෞඛ්‍ය නියාමන ඒජන්සිය (ඇන්විසා) විසින් අවශ්‍ය කරන කාර්යක්ෂමතාවයේ විශිෂ්ටත්වය අත්කර ගෙන ඇති බව ආයතනයේ අධ්යක්ෂ ඩිමාස් කෝවාස් පැවසීය.
"අපි මෙහි සහ චීනයේ හදිසි එන්නත භාවිත කිරීම සඳහා ලියාපදිංචිය ඉල්ලා සිටීමට ඉඩ සලසන ඵලදායී මට්ටමට අප ළඟා වී තිබෙනවා" යැයි කෝවාස් පැවසීය. "එය බ්‍රසීලියානු වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රෙය් ඓතිහාසික දිනයක් වන්නේ, එය බ්‍රසීල ජාතිකයින්ට ගෙනෙන බලාපොරොත්තුව නිසයි."
2021 මුල් භාගයේදී කොවිඩ්-19 ට එරෙහිව එන්නත් මාත්‍රාව අවම වශයෙන් මිලියන 150ක්වත් ලබා ගැනීමට බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරන අතර ඉන් තුනෙන් එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිනොවැක් වෙතින් පැමිණෙනු ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකු වන ආර්නල්ඩෝ මෙඩෙයිරෝස් අඟහරුවාදා කියා සිටියේ සිනොවැක් විසින් නිපදවන ලද එන්නත මාත්‍රා මිලියන 46ක් ලබා ගැනීමේ මූලික ගනුදෙනුවක් ළඟදීම මාත්‍රාව මිලියන 100 දක්වා පුළුල් කළ හැකි බවයි.
මීට අමතරව චීනයේ කැන්සිනෝ එන්නත අඟහරුවාදා මෙක්සිකානු සෞඛ්‍ය නියාමකයා වන කෝෆප්රයිස් වෙත අයදුම් කිරීම සඳහා වූ සමාලෝචනයට ඉදිරිපත් කරන බව මෙක්සිකානු විදේශ අමාත්‍ය මාර්සෙලෝ එබ්රාඩ් පැවසීය.
කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අප්‍රිකාවේදී ඊජිප්තුවට චීන කොරෝනා වෛරස එන්නත ලබාදුන් පළමු කණ්ඩායම පසුගිය දෙසැම්බර් 11දා වනවිටත් ලැබී තිබුණි.
මෙම එන්නත බෙදාහැරීමේ ප්‍රමුඛතාවය හුදකලා රෝහල්වල වෛද්‍ය කාර්ය මණ්ඩලයට, පිළිකා සහ වකුගඩු අකර්මණ්‍යතාව වැනි නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ට සහ වැඩිහිටියන්ට නොමිලේ ලබාදෙන බව ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍ය හලා සයීඩ් මහතා පැවසීය.
කයිරෝ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී සයීඩ් පැවසුවේ "කොරෝනා වෛරසයට එරෙහි චීන එන්නතෙහි පළමු ගුවන් නැව්ගත කිරීම ලැබීම ඓතිහාසික දිනයක්." බවයි.