ගෝලීය ත්‍රස්තවාදය මුහුණ දිමට ශ්‍රී ලංකාවට ජපානයේ පූර්ණ සහාය
ගෝලීය ත්රස්තවාදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබා දීමට ජපානය සූදානම් බව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටොෂිකෝ අබේ මහත්මිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ද දෙරටේ අවධානය යොමු වී තිබීම ජාත්‍යන්තර මට්ටමේ ත්‍රස්ත ක්‍රියා රටට කාන්දු වීම වළක්වාලීමේ වැදගත් පියවරක් වනු ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණි.
අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා සහ අබේ මහත්මිය අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් අද (12) පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවති අතර එහිදි ඇය මේ බව ප්‍රකාශ කළාය.
එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ජපානය ලබා දෙන සහාය සම්බන්ධව ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කරන බවය.
ඉන්දියාව, මාලදිවයින හා ශ්‍රී ලංකාව එක්ව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ප්‍රතිත්‍රස්ත සැලැස්ම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සමග පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් ද වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර කීහිපයක් සඳහාම ඉන්දියාව හා ජපානය සමඟ ඒකාබද්ධ සැලැස්මක් ක්‍රියාත්මක කරලීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා, තානාපති කාර්ය මණ්ඩල නිලධාරී ටකේෂි ඔසාකි මහතා සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් වන ටකහිරෝ ෂියෝටා , ටෙට්සුඕ කිටාඩා යන මහත්වරුන් සහභාගි වූහ.
කෂිනි හපුආරච්චි

popular news
-
Champa Wednesday, 12 June 2019 05:47 PM
ගෝලීය ත්‍රස්තවාදය ලංකාවට ගෙනා දෙමුහුන් පියවරු!!!!! අවුරුදු 4 1/2ක් තිස්සේ රටයි ජාතියයි ආගමයි කාල කාල දෙමුහුන් පියවරු දෙන්න අන්තිමට ත්‍රස්තවාදය නැති රටක ත්‍රස්තවාදයත් ඇති කළා. ගෝලීය ත්රස්තවාදයක් ලංකාවේ නැහැ. ඔය බොරුව ගෙනියන්නේ ඇමරිකාවට ලංකාවට අත පොවන්න ඉඩ හදල දෙන්න. ACSA ගිවිසුම සාධාරණීය කරන්න බැහැ ත්‍රස්තවාදය නැති රටක. ඒ හින්ද ත්‍රස්තවාදය නැති රටක අලුතින් ත්‍රස්තවාදය ඇති කළා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

