පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානියා වන සහ්රාන් හෂීම්ට පසුගිය රජය සමයේදී වැටුප් ගෙවා තිබීම සම්බන්ධව එම කාලයේ සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ගෙන්වීමට අවධානය යොමුවී ඇතැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (10දා) පැවසීය.
මෙම ප්‍රහාරය පිටුපස තිබූ සත්‍ය තත්ත්වය දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙන බවත්,ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට විශේෂ කාරක සභාව විසින් කැඳවීමක් කළහොත් ඔවුන් එම අවස්ථාවට මුහුණ දිය යුතු බවත් සභානායකවරයා සඳහන් කළේය.
