ගෝඨාභයට ආරක්ෂාව දෙන්න තරම් සුදුස්සෙක් නෙමෙයි
ආරක්ෂාවක් ලබා දීමට තරම් හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සුදුස්සෙක් නොවන බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (22දා) වව්නියාව නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පිහිටි අලිවැට ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමිනි.
“ගෝඨාභය රාජපක්ෂ මහතාට අද වෙනකොට මට වැඩි ආරක්ෂාවක් තියනවා’ මට දීල තියනවා පොලීසියේ 17 දෙනෙක් එතුමාට මම දන්න විදිහට මේ ලගදි වෙනකම් හමුදාව විශේෂ බලකාය කොමාන්ඩෝ බලකාය 25 හිටියා. මම දැක්ක පසුගිය දවසක එතුමා පෙලපාලි යනකොට එතුමා ළග එස්.ටී.එෆ්. එක හිටියා. සමහර විට හමුදාව අයින් කරලා පොලිස් ආරක්ෂාව දුන්නද කියල මම හරියට දන්නැහැ. නමුත් එතුමාට ආරක්ෂාවක් තියනවා.
නමුත් යුද්දේ තියන කාලේ වගේ නෙමෙයි අපිත් ඒ කාලේ 500 ක් විතර වටකරගෙන හිටියා දැන් රටේ තියන තත්වය අනුව එහෙම අවශ්‍ය නැහැනේ. එතුමා දැන් නිකම්ම නිකන් පුරවැසියෙක්නේ අනිත් එක රජයේ වගකීමක් හෝ ජනතාව වෙනුවෙන් කිසිම වගකීමක් දරන් නැහැ. ජනාධිපතිට හරි අගමැතිතුමන්ට හරි රජයේ අමාත්‍යවරයෙකුට හරි තියෙන ආරක්ෂාව සැපයීමට එතුමට සුදුසුකමකුත් නැහැ. එතුමා හිටපු ලේකම් කෙනෙක් මේ රටේ අනිත් ලේකම්ලට නම් විශ්‍රාම ගියහම ආරක්ෂාවක් දෙන්නෙත් නැහැ මම දන්න හැටියටනම්.
මරණ තර්ජන තියන මිනිස්සු මේ රටේ කොයි තරම් ඉන්නවද මේ ගම්වලත් ඉන්නවා එහෙනම් මේ හැමෝටම වෙඩි නොවදින රථ දෙන්න වෙනවා රටේම තියන සල්ලි මදි වෙයි එහෙම දෙන්න ගියොත් එතුමට භයනම් තියෙන්නේ එතුමට පුරවැසිකම තියනවනේ ඇමරිකාවේ මරණ භයක් තියනවනම් රට දාලා ගියහම ඉවරයි එහෙ ගියොත් ක්ලාක් කෙනෙක්වත් එතුමට හම්බ වෙන්නැහැ.”
popular news
-
mama Sunday, 23 September 2018 03:08 PM
ඔබ newaradi එකොල්ල දෙමව්පිඅන්ගේ සොහොන් වලට ලක්ෂ 900 වියදම් කලේ මෙරටේ දුක්විදින අහිංසක මිනුසුන්ගේ සල්ලි.මෙමොන ජනතාවට ආදරය දක්වන මිනිස්සුද? මේ ය ඉන්න ඕනේ හිර ගෙවල් wala
Reply : 13 1
සෙනෙවි Sunday, 23 September 2018 05:19 PM
තමන්ගේ අධික වෛරී බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම තමන්ටම කර ගන්නා හාණියකි
Reply : 0 65
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

