ගෝඨාභය මට විනාඩි 2න් වැඩේ කරන්න කිව්වා - SF
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එවකට මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් පසුව එය මුදා ගැනීම වෙනුවෙන් වූ තීරණය විනාඩි 7ක් ඇතුළත ගත් ආකාරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේදි හෙළි කළේය.
ඒ වන විට තමන් සිංගප්පූරුවේ ප්රතිකාර ලබාගනිමින් සිටි බවත් මාවිල්ආරු වසා දැමීමෙන් පසුව තමන් ලංකාවට පැමිණි බවත් ඔහු ප්රකාශ කළේය.
තමන් කටුනායකට පැමිණි පසු එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකතන අමැතුමක් ලබාගත් බවත් ඔහු ප්රකාශ කළේය.
“මම ගෝඨාභයට කතා කරලා මේ ගැන ඇහුවා ඔහු කිව්වා මාවිල් ආරුවහලා කියලා. මම විනාඩි 5න් ගන්නම් කියලා ත්රිකුණාමලයේ අණදෙන නිලධාරීට කෝල් එකක් ගත්තා. ඊට පස්සේ මම ගෝඨාභයට ගත්තා. ඔහු කිව්වා විනාඩි දෙකෙන් කෝල් එකක් දෙන්නම් කියලා. ඔහු මහින්ද රාජපක්ෂ (එවක ජනාධිපති) කතා කරලා මට කිව්වා වැඩේ කරන්න (මුදවා ගන්න) කියලා.” යැයි සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්රකාශ කළේ පසුගිය අයවැයේදි තමන් ආරක්ෂක අංශ විචේචනය කළත් මෙවර ආරක්ෂක අංශ වෙනුවෙන් කතා කරන බවයි.
අතීතයේදි සටන් විරාම ඉල්ලූ ජනරාල්වරුන් පවා සිටිය බවත් ඔහු ප්රකාශ කළේය. මේ වන විට ගුවන් හමුදාවට ඇත්තේ එක් ප්රහාරක යානාවක් බවත් ඔහු සඳහන් කළේය.

popular news
-
Champa Thursday, 04 April 2019 07:45 PM
ඔබත් වහල් ආණ්ඩුව වගේම ආරක්ෂක හමුදා වලට විරුද්ධව කතා කළා. ඊට කලින් සුදු කොඩි කතාවෙන් ඔබ ඔවුන්ව පාවල දුන්න. ගිය අයවැයේදී විවේචනය කරලා (වහල් ආණ්ඩුවේ) අන්තිම අයවැයේදී ආරක්ෂක අංශ වල හොඳ කියනව කියල ඔබම කියනව. වෙන විදිහකට කියනව නම් චන්දෙ ලංවන කොට ඔබටත් ආරක්ෂක අංශ මතක් වෙනවා. ඔබට පහර ගහන්න මගේ අදහසක් නැහැ. ඒ හින්ද වෙන මුකුත් ලියන්නේ නැහැ.
Reply : 0 0
කෝලිත Friday, 05 April 2019 09:53 AM
පැන්ශන් යනතුරු ඔයවගේ විනාඩි දෙකේ තුනේ වැඩ කරල තිබුන නම්..යුද්දයක් නොතිබෙන්න තිබුනා....අපි මෙයාව දන්නේ පැන්ශන් යන්න ලෑස්ති උනාට පස්සෙ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

