ගෝඨාට බෙහෙත් ගන්න සිංගප්පූරු යන්න අවසර
සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එළැඹෙන 15 දා සිට 19 දා දක්වා විදේශ ගත කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (07දා) අවසර දුන්නේය.
ඒ අනුව ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කරන ලෙසත් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කළේය.
හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සළකා බලමින් මෙම නියෝගය නිකුත් කළේය. මැඳමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් අවභාවිත කර ඇති බවට එරෙහිව මෙම නඩුව විභාග වෙයි. එය යළිත් එළැඹෙන 20 දා විභාගයට ගැනීමට නියමිතය.

popular news
-
athura Tuesday, 07 May 2019 01:23 PM
ඇහුවොත් රට ජාතිය ආගම ගැන කතාව හැබැයි බෙහෙත් ටික ගන්න යන්නේ පිට රට.ඕකට තමයි දේශප්‍රේමී කියන්නෙ.
Reply : 0 8
San80 Tuesday, 07 May 2019 02:46 PM
අයිය අවුරුදු ගානක් රජ වෙලා හිටියට මල්ලිට බේත් ගන්න ඉස්පිරිතාලයක් හැදුවේ නෑ නේ ලංකාවේ. පවු අප්පා
Reply : 0 24
sathyapala Monday, 13 May 2019 08:25 PM
හිට්ලර් ටත් මානසික රෝගයක් තිබුනලු එකලු මිනි මරන්න හේතුව නමුත් එක දොස්තරලා වසන් කලාලු වීරයෙක් විදිහට පෙන්නුවාලු ලංකාවේ දොස්තරලා විස්වාස නෙති නිසා කෝකටත් දුරදිග බලලා රටයනෙක එක නුවනට හුරු වෙඩක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

