හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත්වූ පෙත්සම් විභාග කිරීම ආරම්භ කර තිබේ.
මේ හේතුවෙන් අභියාචනාධිකරණය ආසන්නයේ ආරක්ෂාවද තර කර තිබේ. මහාචාර්ය ඉන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් මෙම පෙත්සම් ඉදිරිපත් කළේය.
