ගෝඨාගේ මූලික විරෝධතාවයක් අභියාචනාධිකරණය පිළිගනියි
ඇවන්ට්ගාඩ් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් කෝටි 1100 ක පාඩුවක් සිදුකළ බවට අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව ගොනු කර තිබෙන ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් ඉදිරිපත් කළ මුලික විරෝධතාවයන් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් හා මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරමින් ලබාදුන් නියෝග අභියාචනාධිකරණය විසින් අද (12දා) අත්හඅටුවන ලදී.
මහෙස්ත්‍රාත් අධිකරණයේ හා මහාධිකරණයේ නියෝග අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ඇපෑලක් විභාග කළ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත් අධිකරණයේ හා මහාධිකරණයේ නියෝග එලෙස අත්හිටුවන ලදී.
නීතීපතිවරයා වගඋත්තරකරු කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කොට තිබිණි.මේ සම්බන්ධයෙන් පැවැත්වු දීර්ඝ විභාගයකින් අනතුරුව විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

popular news
-
Champa Thursday, 12 September 2019 04:24 PM
නඩු කතා වලින් වැඩක් නැහැ. ඒවායින් නිදහස් වෙයි. කෙලින් කතා කරන්න බැරි මොකොද? ජනාධිපති වුනාට පස්සේ ඇමරිකන් ගිවිසුම් ඒ කියන්නේ SOFA VFA, MCC COMPACT අත්සන් කරන්නේ නැහැ කියල සෘජුව වචනයෙන් කියන්න. වහබ් අන්තවාදය නැති කරනවා කියල කෙලින් පොරොන්දු වෙන්න. මේවා ගැන පහුගිය දවස් වල සම්මන්ත්රණ වල මාධ්‍ය හමු වල කතා කරපු හාමුදුරුවරු ඒ පොරොන්දුව ඉල්ලනේ නැත්තේ ඇයි? බයයි නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

