ගෝඨාගේ මැදමුලන නඩුවේ සාක්ෂි විභාගය මහාධිකරණය අත්හිටුවයි
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළේ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුවේ සාක්කි විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබෙනතුරු නොපැවැත්වීමට ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (26දා) තීරණය කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ සාක්කි විභාගය ලබන ඔක්තෝබර් පළමුවැනිදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට ඇතැයි කළ දැනුම් දීමක් සැළකිල්ලට ගත් විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේය.
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුලත් වෙති.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සියළුම විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ අධිචෝදනා පත්‍රයේ ඇතුලත් එක් අධිචෝදනාවක් සංශෝධනය කිරීමට නීතීපතිවරයා එකඟතාවය පළ කොට ඇති බව දැනුම් දුන්හ.
ඒ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන අගොස්තු මස 30 වැනිදා ඉදිරිපත් කිරීමට නියම කළ විනිසුරු මඩුල්ල නඩුව එදින යළි කැඳවීමට නියම කළේය.

popular news
-
Don Friday, 26 July 2019 09:25 PM
මේක අහල ඉවරකරන නඩුවක් නොවේ. ඇදගෙන යන අන්ධෝනාවක් !! මහජන මුදල්වලින් මව්පියන්ගේ සොහොන් හදපු උන්ට ලැජ්ජාවක් නැද්ද ජනාධිපති අපේක්ෂක හැටියට තියා ග්‍රාමසේවක කමක්වත් ඉල්ලන්න ?
Reply : 0 2
lion Saturday, 27 July 2019 05:07 AM
meya රටේ ජනාදිපති වෙන්න හදන කෙනෙක් .මෙයා ai මේ නඩුවලට ඔච්චර බය .මෙයා හොරකම් කරලා නැත්තන් මේ නඩුවලට ඔච්චර බය ai .අර ෆොන්සේකා මහත්තය වගේ නඩුවලට නියම පිරිමියෙක් විදියට මුණ දෙන්න.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

