ගෝඨාගේ නායකත්වයක් යටතේ සැමට නිවසක් ලබා දිමේ වැඩපිළිවෙල දියත් කරනවා - බැසිල්
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ආණ්ඩුවෙන් අංග සම්පූර්ණ නිවාස වැඩපිළිවෙලක් දියත් කරලා සැමට නිවසක් ලබා දෙන වැඩපිළිවෙලක් දියත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
අද (06)කොළඹ පැවති කාන්තා සවිය සංවිධානයේ ජාතික සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා,
“ණය බරින් ජීවත් වන ජනතාව මුදා ගන්නවා. කිසිම දරුවෙක් හාමතේ බඩගින්නේ නිදා ගන්නේ නැති තත්ත්වයක් ඇති කරලා ඔවුන්ගේ කුස පිරවීමේ ශක්තිය කාන්තාවට ලබාදෙනවා. කිසිවෙක්ට අත පාන්නේ නැතිව තමන්ගේම ආර්ථීකයක් හදාගන්න ශක්තිය දෙනවා. ඒ සදහා වැඩපිළිවෙලක් ගෝඨාභ රාජපක්ෂ මහතාට තිබෙනවා. ඒ වැඩපිළිවෙල අපි කි‍්‍රයාත්මක කරනවා.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයට එන්නේ බොහෝ පිරිසක් එක්ක එකතු වෙලයි. ශී‍්‍රලනිපය කියන්නේ අපිත් එක්කම හිටපු පිරිසක්. තවත් විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙනවා. ඒ කාලෙත් කිව්වේ මහින්ද රාජපක්ෂ මහාතාගේ සැලූන් දොර කියලා. ජාති ආගම් කුල භේදයකින් තොරව සියලූ දෙනාට එකසේ සලකන ආන්ඩුවක් අපි ඇති කරන්නේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සුරකින්න කවුරුවත් ඕනේ නැහැ. ශී‍්‍රලනිපය සුරකින්න වැඩියෙන්ම කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා බව මම දන්නවා. රටට ලොකු සේවයක් කරපු පැවතිය යුතු පක්ෂයක්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් නිදහස ලැබීමෙන් පසුව විවිධ අවස්ථාවල රටට සේවය කළ පක්ෂයක්.
කොළම නගරය එජාපයට බරයි කියලා කතාවක් තියෙනවා. මේවර ප්‍රථම වතාවට කොළඹ නගර සභාවේ ආසන පහ පොහොට්ටුව ජය ගන්න බව පේනවා. මේ රටේ ආර්ථික වශයෙන් අඩුම ආදායමක් ලබන කාන්තාවන් ඇතුලූ හිසට සෙවනක් නැති අයට ඉදිරියට යන්න ඔවුන් වෙනුවෙන් කැපවුනු ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් ආන්ඩුවක් මේ රටේ ජනතාව බිහි කරන බව විශ්වාසයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

popular news
-
Chathuri Thursday, 07 November 2019 03:59 AM
මල්වානේ ඉඩමේ හදපු වගේ නිවසක් තමයි මට ඕනේ අංග සම්පුර්න , රජය පිළිගත් ඔප්පුවක් සමග , ජනතාවට කෙසේ වෙතත් , රාජපක්ෂ පරම්පරාවට නම්. කට කපල. ගෙවල් හදාගනියි. දැන් මහින්දගේ පවුලත් බරපතලයි. පුත්තු ළමයි හදනවා. රැකියා. නැහැ , කවුද මේවට වියදම් කරන්නේ මේද සැරේ දිනලා අවොත් රට විනසම කරලා තමයි යන්නේ. , පළාතේ එන්න එපා , මේ ඉන්න විදිය හොඳයි. ගෙවල් අවශ්‍ය නැහැ , සොහොනක් තමයි අවශ්‍ය වෙන්නේ
Reply : 0 1
අබිලින් Thursday, 07 November 2019 06:06 AM
සැමට නිවසක් දෙන වැඩසටහන දැනටමත් සජිත් මහතා ක්‍රියාත්මක කර අවසානයි.එයට තවත් කෙනෙක් අවශ්‍ය නැහැ.පුළුවන්නම් සැමදෙනාගේම දෙමාපියන් වෙනුවෙන් රජයේ වියදමින් ස්මාරක ඉදිකර දෙනවා කියන්න.
Reply : 0 1
Dayan Thursday, 07 November 2019 06:54 AM
මේවට සල්ලි කොහෙන්ද? නය ගෙවුවම මේවා කරන්න සල්ලි ඉතුරු වෙනවද?
Reply : 0 0
Deepal Nirosh Thursday, 07 November 2019 09:30 AM
ඒ් පාර මෙයාලත් ඒයාලගෙන් කොපි කරන්න පුරුදු වෙලා වගේයි, අර 1000 වෙනුවට 1500ක් දෙනව කියන්න වගේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

