ඉර හඳ සේ විශ්වාසයි ගෝඨාභයගේ නම මහින්ද රාජපක්ෂ මහත්තයා මේ 11වෙනිදාට ජනාධිපති අපේක්ෂකයා කියලා කියන්නේ නැතැයි කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
වෙල්ලමංකර ඉදිවන නව ධීවර වරාය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,
“ජනාධිපතිතුමා ජනාධිපති මැතිවරණයට එතුමාගේ කාල සීමාවට කලින් යනවා නම් එතුමා තීරණයක් ගන්න ඕනේ ජනාධිපතිවරණය තියන්න ඕනෑද නැද්ද කියන එක ගැන. එහෙම නැතිනම් එතුමාගේ කාල සීමාව අවසන් වුණාම මැතිවරණ කොමසාරිස්තුමා මැතිවරණය ගැසට් කළාට පස්සේ අපි අපේ අපේක්ෂකයාව ඉදිරිපත් කරන්න කටයුතු කරනවා.
එක්සත් ජාතික පක්ෂය පුරුදු වෙන්න ඡන්ද කරනවා නෙවෙයි. මීට ඉහතදී ඡන්ද ගණනාවක් කරලා තියෙනවා. මැතිවරණ ගණනාවකට මුහුණ දීපු පක්ෂයක්. ඉතිහාසයේ වැඩිම කාලයක් රට පාලනය කරපු පක්ෂයක් හැටියට අපි ඉදිරි කටයුතු සකස් කරගෙන යනවා.
මැතිවරණ කොමසාරිස්තුමා කියලා තිබුණා සැප්තැම්බර් මාසයට කලින් තමයි පළාත්සභා මැතිවරණය තියෙනවා නම් තියන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් පළාත් සභා මැතිවරණය තියන්න අපහසුයි. මොකද ජනාධිපතිවරණය තියන්න සිද්ධ වෙනවා. ඉතින් එතනදී වැඩි ප්‍රමුඛත්වය තියෙන්නේ ජනාධිපතිවරණයට කියන එක එතුමා පැහැදිලිව කියලා තියෙනවා.
මැතිවරණ කොමසාරිස්තුමා තීන්දු කළොත් පළාත් සභා මැතිවරණය කලින් කියන්න ඕනේ කියලා, ඒකට අපි මුහුණ දෙන්න ලැස්තියි. රටේම පළාත් සභා මැතිවරණය එකවර තියන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි හැමදාම ඉල්ලුවේ. සලාක ක්‍රමයට තියනවට වැඩිය තනි මැතිවරණයක් හැටියට තියන්න ඕනේ.
ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුදයක් මතුව ඇත්දැයි විමසූ විට අමාත්‍යතුමා මෙසේ පැවසීය.
අර්බුදය ඇතිවෙලා තියෙන්නේ මාධ්‍යයට. පක්ෂයට එහෙම දෙයක් ඇතිවෙලා නෑ. අපේ පක්ෂයේ කණ්ඩායම, කෘත්‍යාධිකාරී මණ්ඩලය, තීන්දු කරනවා අපේ අපේක්ෂකයා කවුද කියලා. මං කියපු කණ්ඩායම් ඔක්කොම එකතුවෙලා ඒගොල්ලො එක තීන්දුවකට ආවොත් තරුණ ද, ළාබාල ද, වැඩිහිටි ද කියලා ප්‍රශ්නයක් නෑ. ඒ කණ්ඩායමට තීරණය කරන ඕනෑම කෙනෙකුට අපි ලෑස්තියි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිමැතිවරණයට ඉදිරිපත් කළහොත් කුමක්වේද යන්නට අමාත්‍යවරයා මෙසේ පිළිතුරු ලබා දුණි.
එතුමා ඉදිරිපත් වුණා කියලා බයවෙන්න දෙයක් නෑ. එතුමා බලයේ ඉන්න කාලෙත් අපි මේ මැතිවරණයට මුහුණ දුන්නා. හැබැයි මං එකක් කියන්නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජපක්ෂ පවුලෙන් ඉඩක් දීලා නෑ. මහින්ද රාජපක්ෂ මහතා කොහේවත් කියලා නෑ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ මැතිවරණයට දානවා කියලා. ඒ වගේම නාමල් රාජපක්ෂ මහත්තයා කියලාත් නෑ. අපේ ගෝඨාභය බාප්පව මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා කියලා. එහෙම නැතුව රාජපක්ෂ පවුලේ වෙන කවුරුත් තාම කියලා නෑ එතුමාව දානවා කියලා.
එතුමා දාන එක රාජපක්ෂ පවුලට ප්‍රශ්නයක්. ඒ හින්දා මට ඉර හඳ වගේ විශ්වාසයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ කියලා. ඇතැම් අය ගෝඨාභය මහත්තයාව ඉල්ලුවට මහින්ද රාජපක්ෂ මහත්තයා කැමති වෙන්න ඕනේ. මොකද එතුමානේ අවසාන තීන්දුව ගන්නේ. ඉතින් එතුමාට, මේ තීන්දුව ගන්නේනෑ. එකනේ කිව්වේ එතුමන් මාධ්‍යයට ඇවිත් එක කිව්වා, ගෝඨාභය මහත්තයා නම් කරලා තියෙනවා ද නැද්ද කියලා එතුමා කෙලින් කිව්වා තාම නෑ කියලා. අපි අපේ අපේක්ෂකයා ගැන තාම තීන්දුවක් අරගෙන නෑ කියලා මහින්ද මහත්තයාම කිව්වා. ඉතින් එතුමා රටේ ජනතාව ඉල්ලනවානම් එතුමාම පැහැදිලිව කියන්න තිබ්බනේ නෑ ගෝඨාභය දාන්නේ නෑ කියලා” .
