ගෝඨාගේ ජයග්‍රහණයට අවංකවම සුභ පතනවා - සාගල
ගෝඨාභය රාජපක්ෂ මහතාට අවංකවම සුභ පතන බව නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
නව ප්‍රජාත්‍රන්තවාදි පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය සම්බන්ධයෙන් අද (17) මාතරදි අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදි අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙවැන්නකි.
“ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබලා තියෙනවා. එතුමාට අපි අවංකවම සුභ පතනවා. විශේෂයෙන් කියන්න තියෙන්නේ මේ ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණව තියන්න ලැබුනා. මා මතකයේ තියෙන එකම මැතිවරණය. ඒ පිළිබඳව අපට සතුටු වෙන්න පුළුවන්’ ඒ වතාවරණය අපිට මේ රට තුළ ඇති කරන්න පුළුවන් වුණා. ඒ හරහා ජනතාවට නිදහසේ තම ඡන්දය අයිතිය සපුරා ගන්න හැකි වුණා. ඉදිරියේදි කරන කටයුතු පිළිබඳව පසුව කතා කරමු” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
ලසන්ත Monday, 18 November 2019 07:20 AM
අනුන්ට ශුභපතන ඔබත් එක්සත් ජාතික පක්ෂයේ පරාජයට ඉහලින්ම වගකිව යුතු අයෙක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

