ගෝඨාගේ ඡන්ද ව්‍යාපාරය වැටිලා අපේ අපේක්ෂකයා සති එක හමාරකින් - සුජීව
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරය මේ වන විට දුර්වල වී ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ඉදිරි සතිය හෝ සති එකහමාරක කාලය තුළ නම් කරන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, අමත්‍ය සුජීව සේනසිංහ මහතා පැවැසීය.
ඊයේ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන පරිසක් හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“ඉදිරි මැතිවරණය කොහොමද ජයග්‍රහණය කරන්නේ කියලා තමයි අපි ජයග්‍රහණය කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරය වැටිලා තියෙන හැටි මෙන්ම අපි ඉන්න කුතුහලය තුළ මේක වර්ධනය වෙනවා. හැබැයි මේක හැමදාම තියා ගන්නත් බෑ.
අපි තව සුමානයක් එක හමාරක් ඇතුළත අපේක්ෂකයා නම් කරලා ඡන්දයට අවතීර්ණ වෙන්න ඕන කියන එක තමයි අපි සාකච්ඡා කළේ. අගමැතිතුමාගේ කැමැත්ත දැන් අපිට ලැබෙන ප්‍රමාණයට තොරතුරු තිබෙනවා.”

popular news
-
Dayan Thursday, 29 August 2019 01:17 PM
මෙයාලට රට හදන්න නොහැකිය. අපි ඉල්ලන දේ ගැන මේ අයගේ කිසිම හැගීමක් නැහැ. බලමු චන්දෙ එනකොට. මෙයාගේ නම් කට විතරය්.
Reply : 3 11
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

