ගෝඨා හමුවීමට SLFP සූදානමින් - මහින්ද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
“ගෝඨාභය රාජපක්ෂ මහතා දැන් ජනපති අපේක්ෂකයා ලෙස නම්කර තිබෙනවා. අපි ඉදිරියේදී බලාපොරොත්තුවෙනවා එතුමත් සමග සාකච්ඡා කරන්න.
ප්‍රධාන වශයෙන්ම නිදහස් පක්ෂය බලාපොරොත්තුවෙන්නේ මේ රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කරන්න.
අපි දැනටමත් මේ රට මේ ප්‍රපාතයෙන් ඉදිරියට ගෙනි යන්න වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.ඒ වැඩපිළිවෙලත් ඔවුන්ගේ වැඩ පිළිවෙළත් ගැන සාකච්ඡා කරලා රට ගොඩනගන වැඩපිළිවෙළට අපේ එකඟතාව පළකරගෙන ඊළඟ අවශ්‍ය පියවර ගන්න තමයි අපේ බලාපොරොත්තුව තිබෙන්නේ.”

popular news
-
Nandana Monday, 12 August 2019 05:45 PM
දුකත් හිතෙනවා. අඩන හැටි දැක්කම .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

