මහවැලි එච් කලාපයේ තඹුත්තේගම කොට්ඨාසයේ ගොවි ජනතාවට බලපා ඇති ගැටලු රැසක් සදහා අද (01) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක , අනුරාධපුර දිස්ත්‍රික් නායක, කළාවැව ශ්‍රී.ල.නී.ප ආසන සංවිධායක හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ මැදිහත් වීමෙන් විසදුම් ලැබිණි.
මහවැලි එච් කලාපයේ තඹුත්තේගම කොට්ඨාසයේ ගොවි ජනතාවට බලපා ඇති ගැටලු කීපයකට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින් තඹුත්තේගම මහවැලි එච් කලාපීය නේවාසික ව්‍යාපාර කාර්යාලය ඉදිරිපිට පසුගිය 24 වැනි දින ගොවි ගෙවිලියන් පිරිසක් උපවාසයක් ආරම්භ කළ අතර,තමන්ගේ යල කන්නයේ හානි වූ වගාවන් සඳහා අක්කරයකට රුපියල් 50 ,000 ක වන්දි මුදලක් ලබා දෙන ලෙසට හා තම වගාවන්ට නිසි පරිදි ජලය ලබා නොදීමට විරෝධය පළ කරමින් ඉල්ලීම් 10 ක් සම්බන්ධයෙන් ගොවි සංවිධාන 22 ක ගොවි ගෙවිලියන් උපවාසයක් ආරම්භ කරනු ලැබීය.
මෙම විරෝධතාවයට නායකත්වය දුන් ගොවි නායකයින් සමග විශේෂ සාකච්ජාවක් මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ මැදිහත් වීමෙන් අද (01) කොළඹ පිහිටි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේදී පැවැත්වුණ අතර එම සාකච්ජාවේදී ගොවීන්ගේ ගැටලු සදහා විසදුම් ලබා දීමද මෙහිදි සිදු කෙරිණි.
