ගොවි ආර්ථිකය ශක්තිමත් කිරිමට සියලු පියවර ගන්නවා - ජනපති
කෘෂි නිෂ්පාදන වර්ධනය කරමින් රටේ යහපත් ආර්ථිකයක් ගොඩනැගීමට මෙන්ම ගොවියාට සාධාරණ මිලක් ලබාදෙමින් ඔවුන් ණය බරින් නිදහස් කර ගැනීමට ගෙන යන ජාතික සංවර්ධන සැලසුම් අතර ප්රමුඛ ව්‍යාපෘතියක් ලෙස ගොවි ජනතාවගේ ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථාන දිවයින පුරා ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළක් ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් කි‍්‍රයාවට නංවා තිබේ.
ඒ යටතේ ඉදිකෙරුණු පොළොන්නරුව මැදිරිගිරිය ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය අද පෙරවරුවේ ජනතා අයිතියට පැවරුණේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතිනි.
තම නිෂ්පාදන ගබඩා කර තැබීමට ස්ථානයක් නොමැතිවීමත්, අධික ණය බරත් හේතුවෙන් අස්වනු නෙළිමත් සමගම එම අස්වනු අඩු මිලකට පෞද්ගලික අංශයට අළෙවි කිරීමට ගොවි ජනතාවට සිදුව තිබේ. එබැවින් එම අස්වනු සදහා සාධාරණ මිලක් හිමි නොවන අතර අතරමැදියන් එමගින් විශාල ලාභයක් උපයයි. ගොවි ජනතාව දීර්ඝ කාලයක් පුරා මුහුණදෙමින් සිටින මෙම ගැටලූවට විසදුම් ලබාදෙමින් මෙම නව ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවුණු අතර මෙය ඉදිරියේදී දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවන බවත්, වී නිෂ්පාදන සදහා පමණක් නොව පළතුරු සහ එළවළු නිෂ්පාදන සදහා ද මෙම ගබඩා පහසුකම් ඉදිරියේ දී හදුන්වාදීමට පියවර ගන්නා බවත් ජනාධිපතිතුමා සදහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේ පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, අම්පාර දිස්ති‍්‍රක්කවල ගොවි ජනතාව මුහුණදුන් ජල ගැටලූව සහ එම ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ගැටලූව සම්පූර්ණයෙන් අවසන් කිරීමට මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය සමග හැකියාව ලැබුණු බවයි. කථ ගඟ ජලාශයේ ඉදිකිරීම් ද මේ වනවිට කඩිනමින් සිදුවන අතර ලබන ජූලි මාසය වන විට එහි කටයුතු සම්පූර්ණයෙන් නිම කිරීමට හැකියාව ලැබෙනු ඇති බව ජනාධිපතිතුමා සදහන් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
