ගොඨාගේ කාලයේ මෙන් බුද්ධි යාන්ත්‍රණයක් ඕනෑ
ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දැරූ අවධියේදී රට පුරා විහිදුණු බුද්ධි අංශවලින් ලබාගන්නා තොරතුරු බෙදාහදා ගෙන, ඒවා විශේෂ අධ්‍යයනයකට යොමුකර, එම තොරතුරු ඉහළ නිලධාරීන් දක්වා ලබාදෙමින් ප්‍රහාර එල්ල නොවීමට වගබලා ගත් බව එක්සත් ජනපද හිටපු තානාපති රොබට් ඕ. බ්ලේක් මහතා පවසයි.
ඒ අනුව, වත්මන් ආණ්ඩුවද ඒ අයුරින් ක්‍රියාත්මක වන කිසියම් කණ්ඩායමක් නැවත ස්ථාපනය කිරීම ගැන සිතා බැලිය යුතු යැයි එක්සත් ජනපද දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර හිටපු සහකාර රාජ්‍ය ලේකම්වරයා මෙන්ම, ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති අවසන් සමයේ (2006 - 2009) එක්සත් ජනපද හිටපු තානාපතිවරයාද වන රොබට් ඕ. බ්ලේක් මහතා අවධාරණය කරයි.
හෙතෙම මෙසේ අදහස් දක්වා සිටියේ කොළඹ BMICHහිදී පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි. පාත්ෆයින්ඩර් පදනම සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මගින් එම වැඩසටහන සංවිධානය කර තිබුණි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ රොබට් ඕ. බ්ලේක් මහතා,
"සැප්තැම්බර් 11දා ප්‍රහාරයෙන් ඇමෙරිකාව උගත් පාඩමෙන් ශ්‍රී ලංකාවට ප්රතිලාභ රැසක් ලබාගැනීමට පුළුවන්. අප අතින් සිදුවූ විශාලතම අත්වැරැද්ද සැප්තැම්බර් 11දා ප්‍රහාරයයි. එහිදී, බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන, විශේෂයෙන් FBI සහ CIA සංවිධාන සහ විවිධ නීති ක්‍රියාත්මක කරනවන ආයතන අතර නිසි සන්නිවේදනයක් සිදුකිරීමට අසමත් වී තිබුණා.
ඒ නිසා, අන්තර් ආයතන සන්නිවේදන හා සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් නව කමිටුවක් පිහිටුවීමට නියෝග කළා. ඒ කමිටුවට සියලුම බුද්ධි සංවිධාන හා නීති ක්‍රියාත්මක කරවන ආයතනවල ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් යොදා ගත්තා. ඔවුන් සති පතා රැස්වී සියලු ඇමෙරිකානු බුද්ධි තොරතුරු හුවමාරු කරමින්, ඒවායේ විශ්වසනීයත්වය තහවුරු කර ගත්තා.
මෙහිදී, වඩාත් වැදගත්ම දේ නම් ඔවුන් ඒ විශ්වසනීය දේවලට එරෙහිව පියවර ගත්තා. එමෙන්ම, එක් ඒක පුද්ගලයාට තනි තනිව මෙහිදී වගකීම් පැවරීම සිදුවුණා. මෙසේ කටයුතු කළ නිසා එදා සිට කිසිදු විදේශ ත්‍රස්ත කණ්ඩායමක් අද දක්වා සාර්ථක ත්‍රස්ත ප්‍රහාරයක් අපට එල්ල කළේ නෑ.
අපට දේශීය වශයෙන් ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධ ගැටලු පැවතුණත්, ISIS සහ අල්-කයිඩා වැනි සංවිධාන පැරීසිය සහ වෙනත් තැන්වලදී ප්‍රහාරය දියත් කළත්, අපට ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් අපොහොසත් වුණා. ඇත්ත වශයෙන්ම කියතොත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරයේ කටයුතු කළ යුද්ධය පැවති අවධියේ ශ්‍රී ලංකාවේ මෙවැනි බුද්ධි යාන්ත්‍රණයක් පැවතුණා. ඔහු පෞද්ගලිකව එය හෙබවූවා. රට පුරා විහිදුණු බුද්ධ අංශවලින් ලබාගන්නා තොරතුරු බෙදාහදාගෙන එම තොරතුරු ඉහළ නිලධාරීන් දක්වා ලබාදෙනු ලැබුවා.
ඔවුන් එහිදී එම තොරතුරු විශේෂ අධ්‍යයනයකට යොමු කරමින්, ඒ තුළින් ප්‍රහාර එල්ල නොවීමට වගබලා ගනු ලැබුවා. මම හිතන්නේ, වත්මන් ආණ්ඩුව ඒ අයුරින් ක්‍රියාත්මක වන කිසියම් කණ්ඩායමක් නැවත ස්ථාපනය කිරීම ගැන සිතා බැලිය යුතුයි. ඒ වගේම, ISIS හෝ වෙනත් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් ශ්‍රී ලංකාව තුළ වර්ධනය වීමට අවස්ථාව නොදීමටත් ශ්‍රී ලංකාව වඩාත් සැලකිලිමත් විය යුතුයි* යනුවෙන් පවසා සිටියේය.

popular news
-
anta Thursday, 09 May 2019 10:22 AM
සල්ලි දීල ගොටයබම කියවගෙන වගේ.... පව්_
Reply : 0 0
Champa Thursday, 09 May 2019 04:13 PM
හා හා මේ කියන්නේ මොකක්ද? IS පිටිපස්සේ ඉන්නේ ඇමරිකාව බව ලෝකෙම දන්නවා. සියලු ත්‍රස්තවාදී සංවිධානවල නිෂ්පාදකය ඇමරිකාව. ලෝකයේ විවිධ රටවල් අස්ථාවර කරන්නත් තමන්ට ඕනේ පාලකයන් පත් කරගන්නත් ඇමරිකාව ත්‍රස්තවාදය උපයෝගී කරගන්නවා. මේ කතාවෙන් තේරෙන්නේ කරන්න හදපු වැඩේ එක පාරක් බකල් වුනාට, එක පාරක් නෙමෙයි 2015 ජනවාරි 8 ත් මේ විදිහෙම කලකොලහලයක්, ඇමරිකාව බලාපොරොත්තු වුන. නමුත් මේ දෙකම සිද්ධ වුනේ නැහැ. ගෝඨාභයගේ කාලේ තිබ්බ බුද්ධි යාන්ත්‍රනය වගේ එකක් අවශ්‍ය වෙන්නේ නැවත ඔඩු දුවපු ත්රස්තවාදයක් ඇති වෙනවා නම්. මෙතන එහෙම එකක් වෙන්න විදිහක් නැහැ. මුල ඉඳන්ම කිව්වා වගේ මේක IS වැඩක් නෙමෙයි. නමුත් මේක වර්ධනය කරන්න බොහෝ පිරිසකට ඕනේ වුන. මේ ප්‍රහාර වලින් පස්සේ ජාතිවාදී කලකොලහලයක් ඇති වුනා නම් මුස්ලිම් ත්‍රස්තවාදය LTTE ත්‍රස්තවාදය වගේ වෙන්න හොඳටම ඉඩ තිබුන. එහෙනම් ඔවුන් අනිත් පැත්තට ඇත්ත විකෘති කරලා කියනව එම ජාතිවාදී කෝලාහල නිසා තමයි මුස්ලිම් ත්‍රස්තවාදය ඇති වුනේ කියල. මෙතන ඇත්තටම ඕනේ වෙලා තිබුනේ මරාගෙන මැරෙන ප්‍රහාර වලින් පස්සේ ජාතිවාදී ගැටුමක් ඇති කරන්න. දෙමල මුස්ලිම් ත්‍රස්තවාදය නැවත ඇති නොවෙන්න සුළු වැඩක් කරන්න th
Reply : 0 0
සිරිබිරිස් Friday, 10 May 2019 06:35 AM
ඇමරිකාව ලංකාව අල්ලා ගැනීමට සූදානම් වෙනවගයි ඩුම් ඩුම් ඩුම්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

