ගුරුකන්ද විහාරයේ නායකහිමියන්ගේ ආදාහනයේදි නීති කඩ කළ හිමිවරුන්ට විරුද්ධව පියවර ගන්න - සම්බන්ධන්
ගුරුකන්ද විහාරස්ථානයේ නායක හිමියන්ගේ ආදාහනය විහාර භූමියේ සිදුකිරීමට දායක වූ භික්ෂූන් වහන්සේලාට විරුද්ධව රජය ක්රියාමාර්ගයක් ගතයුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.
අද (8) පාර්ලිමේන්තුවේදී සම්බන්ධන් මහතා මේ බව පැවසීය.
දෙමළ ජනතාවට එම විහාර භූමියට ඇතුළුවීමට ඉඩ නොදී අධිකරණ නියෝග කඩකරමින් මෙම භික්ෂූන් වහන්සේලා පිරිස කටයුතු කර තිබෙන බවද මන්ත්රිවරයා සඳහන් කළේය.
මෙම සිද්ධීයට අදාළව පොලීසිය හෝ රජය ක්රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධව දෙමළ ජනතාවගේ විරෝධය පළවී තිබෙන බවද ඔහු ප්රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ අදහස් දක්වමින් ආර්.සම්බන්ධන් මහතා මේ බව කියා සිටියේය.
අපවත්වූ නායක හිමියන්ගේ දේහය ආදාහනය කිරීමට විහාර භූමිය යොදා නොගන්නා ලෙස අධිකරණ නියෝගයක් ලබාදී තිබියදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් එම ස්ථානයට ඇතුළු වීම නිසා ගැටුම්කාරි තත්ත්වයක් ඇතිවූ බවද මන්ත්රිවරයා පැවසීය.
එවැනි සිදුවීමක් සිදුනොවුණු ආකාරයෙන් පොලීසිය නිශ්ශබ්දව සිටියදී ඥානසාර හිමියන් ඇතුළු පිරිසට නීතිමය ක්රියාමාර්ග ගැනීමට රජය අපොහොසත් වී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
පොලීසිය දෙමළ ජනතාවට එම ස්ථානයට ඇතුළුවීම වළක්වා තිබෙන බවත්,මෙම තත්ත්වය වෙනස් කිරීමට රජය කටයුතු කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.

popular news
-
Champa Wednesday, 09 October 2019 03:48 AM
එහෙම කොහොමද ? එහෙනම් ඊට ඉස්සෙල්ල උසාවි නියෝග කඩ කරලා ජනවාරි මාසේ පන්සල ඉදිරිපිට උද්ඝෝෂණ කරපු දෙමල මන්ත්රීවරුන් උසාවි ගෙනියන්න ඕනේ. අපේ හාමුදුරුවරු උසාවි ගෙනියන්න හැදුවොත් දෙමල චන්ද වලට කෑදර සිංහල දේශපාලකයෝ, ඒ කාටවත් බෞද්ධයෝ චන්දෙ දෙන්න එපා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

