ගුරු පුරප්පාඩු සඳහා ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවත්නා ගුරු පුරප්පාඩු සඳහා 2015/2017 අධ්‍යයන වර්ෂයේ දී තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව අවසන් කරන ලද ඩිප්ලෝමාධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීමට කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ හරහා ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක ගුරු අධ්‍යාපන පාඨමාලා 31ක් යටතේ පුහුණුව ලැබූ ඩිප්ලෝමාධාරීන් 4286කට පත්වීම් ප්රදානය කෙරේ.
සිංහල මාධ්‍ය ගුරුපත්වීම් 2340ක්, දෙමළ මාධ්‍ය ගුරු පත්වීම් 1300ක් සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පත්වීම් 646ක් මීට ඇතුළත් ය. මෙම පත්වීම් ප්රදානෝත්සවය සැප්තැම්බර් 08 වැනි දා අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

popular news
-
Dayan Friday, 06 September 2019 06:21 PM
ගුරු පත්වීම් අරලියගහ මන්දිරයෙන් දෙන්නේ මොකද? මේකත් වංචාවක්. මහින්දගේ ආණ්ඩුව කලෙත් කලේ මෙවම තමා. එමනිසා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

