ගුණාත්මක බවින් ඉහළ ඉන්ධන ලබාදිමට අමාත්‍යවරයාගෙන් නිලධාරින්ට නියෝග
අඛණ්ඩව ගුණාත්මක බවෙන් ඉහළ ඉන්ධන මහජනතාව වෙත ලබාදීමට වග බලාගත යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකරනු ලබන කටයුතු සමාලෝචනය කිරීමේ රැස්වීමක් ඊයේ (12) ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී පැවති අතර ඊට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සැපයුම කාර්යක්ෂමව සහ එහි නිෂ්පාදන හිඟයකින් තොරව පාරිභෝගික ජනතාව වෙත ලබාදීම සඳහා සංස්ථාව විසින් නව ඉතිරි සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව කෙරවලපිටිය LNG බලාගාරය පිහිටුවීම, කොළඹ වරායේ සිට අමතර නව නලමාර්ග පද්ධතියක් ඉදිකිරීම, සති 2කට පමණක් ප්‍රමාණවත් වන පරිදි පවත්වා ගෙන යන ඉන්ධන ගබඩා කිරීම අඩුතරමින් මාසයක කාලය දක්වා අමතර තොග පවත්වා ගෙන යාම සඳහා නව ඉන්ධන ටැංකි පද්ධතියක් ස්ථාපිත කිරීම, ප්‍රාදේශීය සැපයුම් මධ්‍යස්ථානවල ධාරිතාව පුළුල් කිරීම, මාර්ග තදබදය අවම කිරීම සඳහා බස්නාහිර පළාතේ සිට බැහැර ප්‍රදේශ වලට ඉන්ධන ප්‍රවාහනයේදී බවුසර් රථ වෙනුවට දුම්රිය යොදා ගැනීම සහ අමතර දුම්රියක් ඉන්ධන ප්‍රවාහනය සඳහාම යොදා ගැනීම, අවශ්‍ය නම් දුම්රිය එන්ජිමක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මිලදී ගෙන දුම්රිය දෙපාර්තමේන්තුවට පැවරීම වැනි ඉදිරි සංවර්ධන කටයුතු රැසක් ලබන වසර තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිතය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියාසිටියේ ඉන්ධන සම්බන්ධයෙන් මහජනතාවගේ වරින් වර විවිධ චෝදනා එල්ල වන නිසා සෑම විටම අඛණ්ඩව ගුණාත්මකභාවයෙන් ඉහළ ඛනිජ තෙල් නිෂ්පාදන වෙළඳපළට සැපයීමට පියවර ගන්නා ලෙසයි.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන ආයතනයක් වුවත්, එම ආයතනය තවදුරටත් ඉහළ ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා සියලු කාර්ය මණ්ඩල කැපවී කටයුතු කළ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සම්බන්ධ සියලු නිලධාරීන් තම රාජකාරිය නිවැරදිව වගකීමකින් යුක්තව ඉටුකරන ලෙසත් ඉල්ලීමක් කළේය.

popular news
-
හොරු වෙනුවෙන් අපි Saturday, 14 December 2019 03:37 AM
බොරු නියෝග වලින් වැඩක් නැහැ. ගන්න සල්ලි වලට හරියන්න නිවැරදිව OCTAIN නම්බෙර් එක තියෙන පෙට්‍රල් දෙන්න වැඩ කරපල්ලා. ෂෙඩ් වල එවුනුත් දන්නවා 95 එකේ OCTAIN95 නැහැ කියල. 92 ගැන ඉතින් කවර කතාද. ඕක ගෙන්වන තැන ඇමති , නිලදාරී ඉදල , octain පරික්ෂ කරන එක දක්වාම වංචා කරනවා. PLG වල තත්ත්වෙත් ඕකම තම. නිවැරදි ව Proppane තියෙනවද? අඩුගානට බල ගැස් වෙනල්ල කොමිස් ගහල අපිට හොද ඒවා වගේ විකුනනනන්නේ නැහැ කියල කාටද සුවර්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

