ගිරාදුරුකෝට්ට පොලීසියට මැර ප්රහාරයක්
ගිරාදුරුකෝට්ට තෙල්දෙනියාය ගම්මානයේ ගංජා වැටලීමකට සහභාගි වූ ගිරාදුරුකෝට්ට පොලීසියේ නිලධාරීන් පිරිසකට ඊයේ(16 දා) සවස 4.30 පමණ මැර ප්රහාරයක් එල්ල වූ බව ගිරාදුරුකෝට්ට පොලීසිය පවසයි.
පොලිස් නිලධාරීන් 6 දෙනෙක් මෙම වැටලීමට නිරායුධව සහභාගිව ඇති අතර 10 දෙනෙකුගෙන් පමණ සමන්විත වූ මැර පිරිසක් පොලීසිය වටකර පහරදී ඇති බවත්, මෙහිදී ඇති වූ ගැටුමේදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලැබූ බවත් පොලීසිය සඳහන් කරයි.
තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පොලීසියට පහරදීමට සම්බන්ධ එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවත් අනෙක් සැකකරුවන් සොයා මෙහෙයුමක් දියත් කර ඇති බවත් පොලීසිය පවසයි.
බදුල්ල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත හා සහකාර පොලිස් අධිකාරී උදිත් ලියනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත ගිරාදුරුකෝට්ට පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සමන් අංගම්මන මහතාගේ මෙහයවීම යටතේ ගිරාදුරුකෝට්ට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
බදුල්ලේ - පාලිත ආරියවංශ
popular news
-
Champa Monday, 17 September 2018 01:44 PM
නිරායුධව ගියා? රටේ තියෙන තත්වේ හැටියට ආයුධ සහිතව විතරක් නෙමේ වෙඩි නොවදින ඇඳුමුත් ඇඳගෙනයි මේවට යන්නේ ඕනේ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
