ඇමරිකාවේ නිෂ්පාදිත රිවෝල්වර්ගයේ ගිනි අවියක් හා ජිව උණ්ඩයක් සමග සැකකරුවෙකු අද (29) පස්වරුවේ දි බුස්ස කදුරුපේ ප්රදේශයේ දි අත්අඩංගුවට ගත් බැව්රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.
සැකකරු හතලිස්හය හැවිරිදි වියේ පසවු තිදරු පියෙකු බව පොලීසිය පවසයි.
පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සැකකරු ගිනි අවිය සමග අත්අඩංගුවට ගෙන ඇත.
වෙඩිතබා පුද්ගලයින් බිය ගන්වා පළායාම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා පවතින බැව් පොලීසිය පවසයි.
මොහු පොලීසියට දිගු කාලයක සිට කට්ටිපනිමින් සිටි අයෙකු වන අතර සැකකරු වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා රත්ගම පොලීසියට භාරදිමට නියමිතව තිබුණි.
