
ඉල්ලීම් දෙකක් මුල්කර ගනිමින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් ආරම්භ කළ විරෝධතාවය අඛණ්ඩව පවත්වාගෙන යමින් තිබේ.
අද (13 දා) උදේ කාලයේදී ආරම්භ කළ මෙම විරෝධතාවය තවදුරටත් පවත්වාගෙන යමින් සිටින්නේ ඔවුන්ගේ ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් බවටද වාර්තා වේ.
පිටතින් රැගෙන එන ආහාර සීමා කිරීමට විරෝධය දක්වා හා නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාවය අද (13දා) උදේ කාලයේදී ආරම්භ විය.
විරෝධතාවයේ නිරතව සිටින කාන්තා රැඳවියන් හා තවත් රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවය නිසා තිදෙනෙකු තුවාල ලබා තිබේ.