මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කයෙන් නවක මන්ත්‍රිවරු තිදෙනෙකු තේරිපත්වුහ. නවක මන්ත්‍රිවරුන් තිදේනාම තෙරිපත්වුයේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණෙනි.
එසේ නවක මන්ත්‍රිවරුන් ලෙස පාර්ලිමෙන්තුවට තේරිපත්වුයේ දකුණු පළාත් සභාවේ හිටපු ප්‍රධාන ඇමතිවරයකු වු ෂාන් විජේලාල් ද සිල්වා, දකුණු පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපතිවරයකු වන සම්පත් අතුකොරල, හිටපු පළාත් සභා මන්ත්‍රිවරයකු වන ඉසුරු දොඩංගොඩ යන මහත්වරුන්ය.
ෂාන් විජේලාල් ද සිල්වා මහතා මනාප ඡණ්ද 67 793ක් ලබාගත් අතර සම්පත් අතුකොරල මහතා මනාප ඡන්ද 1.28.331ක් ලබගත්තේය, දිවංගත හිටපු ඇමති අමරසිරි දොඩංගොඩ මහතාගේ පුත් ඉසුරු දොඩංගොඩ මහතා මනාප ඡන්ද 71.266ක් ලබාගනු ලැබිය.
මේ අතර පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 04 දෙනෙකු මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේ දි පරාජයට පත්වුහ. සමගිජන බලවේගයෙන් තරග කළ බන්දුලාල් බණ්ඩාරිගොඩ, විජේපාල හෙට්ටිආරච්චි, පියසේන ගමගේ යන මහත්වරු න්ට මෙවර සිය මන්ත්‍රිධුර රැක ගැනිමට නොහැකිවිය. එජාපයෙන් තරග කළ හිටපු ඇමතිවරයකු වන ගාල්ල දිස්ත්‍රික් එජාප කණ්ඩායම් නායක වජිර අබේවර්ධන මහතාද පරාජයට පත්විය.