ගාල්ලෙන් 66 දෙනෙකු අත්අඩංගුවට
ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය දිනවල සිදුකල සෝදිසි මෙහෙයුම් වලින් පුද්ගලයන් 66 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඉන් 63 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ බවත් ගාල්ල නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (10) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ගාල්ල දිස්ත්‍රික් ආරක්ෂක කමිටුව රැස්වූ අවස්ථාවේ අදහස් දක්වමිනි.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නියෝජ්‍ය පොලිස්පති වෙදසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ අත්අඩංගුවට ගත් 66 දෙනාගෙන් රැඳවුම් නියෝග මත 04 දෙනකුගෙන් ප්‍රශ්න කරන බවයි. අත්අඩංගුවට ගත් අයගෙන් 21 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව ද ඔහු කියා සිටියේය.
මෙම රැස්වීම සඳහා මහා සංඝරත්නය, පොලීසිය හා ත්‍රිවිධ හමුදා ප්‍රධානින්, කතෝලික, ඉස්ලාම් හා හින්දු පූජකතුමන්ලා ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන අමාත්‍යවරයා මෙම රැස්වීමේ දී අදහස් දක්වමින් මෙසේ පැවසීය.
''ඇතැම් පිරිස් ජාතිවාදය ඇවිස්සීම අසත්‍ය ප්‍රචාර කරනවා ගාල්ලේ මුස්ලිම් පල්ලි සෝදිසි කරලා නැහැ කියනවා. සැකකටයුතු ස්ථාන පරීක්ෂා කරන විට අමාත්‍යවරයකු ලෙස මම මැදහත් වෙලා ඒ සෝදිසි කටයුතු නවත්තලා කියා කියනවා. මට කියනවා මොහොමඩ් වජිර කියලා. මොහොමඩ් වජිර ඉන්නකන් හොඳයි. මොහොමඩ් මොහොමඩ් කෙනෙක් ආවොත් තේරෙවි ගාල්ලත් කාත්තන්කුඩියක් වගේ වුණාම. මේ වගේ මඩ ප්‍රචාරවලට උත්තර දීලා වැඩක් නැහැ.
ගාල්ලේ මුස්ලිම් පල්ලි සියල්ල සෝදිසි කර තිබෙනවා. ඊට අමතරව සැකකටයුතු ස්ථාන 41ක් සෝදිසි කරලා සැකපිට පුද්ගලයන් 66 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මම අවුරුදු 30කට වැඩි කාලයක් මේ ගාල්ලේ දේශපාලනය කළා. සිංහල බෞද්ධ ජනතාවත් මුස්ලිම් ප්රජාවත් ගාල්ලේ ඉතා සහයෝගයෙන් හිටියා. මම ඔවුන් සියලු දෙනාට නායකත්වය දුන්නා. ගාල්ලේ මහා සංඝරත්නය හොඳින්ම මේ බව දන්නවා. අපි මේ ජාතීන් අතර සමගිය ආරක්ෂා නොකළා නම් ගාල්ලෙත් කල කෝලාහල ඇතිවෙන්න ඉඩ තිබුණා. මේ අසත්‍ය තොරතුරු සමාගත කරමින්, මඩ ප්‍රචාර කරමින් ජාතිවාදයක් අවුළුවන්න හදන්නේ විශේෂයෙන් ම තරුණ පරපුර, ඔවුන්ට මේ යථාර්ථය ගැන අවබෝධයක් නැහැ”

popular news
-
Champa Friday, 10 May 2019 06:13 PM
මේ කතාව මම දන්නේ නැහැ. නමුත් තරුණ පරපුර උසි ගන්වන්න වෙනත් පාර්ශවයක් වෙහෙස ගන්නවා. මේක පිටිපස්සේ තවත් පාර්ශවයක් ඉන්නවා කියල ඕනේ මිනිහෙකුට තේරෙනවා. හොඳට මතක තියා ගත යුතු කාරණය තමයි මේ බෝම්බ පිපිරීම 9කින් නවතින්න තිබුණු එකක් නෙමෙයි. මේක දිගට යන්න සැලසුම් කරපු එකක්. කලිනුත් ලිව්වා වගේ හමුදා ඇඳුම් ඇඳගෙන මේ ජාතිවාදී කලබල අතරට එන්න විතරක් නෙමෙයි හමුදා ඇඳුම් ඇඳගෙන මරාගෙන මැරෙන බෝම්බ පුපුරවන්නත් සැලසුමක් තිබුන කියන එක ගමේ පුංචි සිඤඤෝටත් තේරෙනවා. එහෙම කරලා හමුදාව ගැන වැරදි මතයක් එලියට දාල, සිංහල බෞද්ධයන් වික්ෂිප්ත කරලා,අසරණ කරලා, ජාතිවාදී කලබල මැඩ පවත්වන්න අපේ හමුදාව පාරට එන එක නවත්තල, ඒ වෙනුවට ඇමරිකන් හමුදාව යොදා ගන්න සැලසුමක් තිබ්බ කියලා පේනවා. බෝම්බ එකක් දෙකක් පිපිරෙන කොට ජාතිවාදී කලබල පටන් ගනියි කියන අදහස පෙරදැරි කරගෙන තමයි මේක පටන් ගත්තේ. වහල් ආණ්ඩුව කෙලින්ම මේකට සම්බන්ධයි. 21 බෝම්බ පිපිරීම නැවතුනාට පස්සේ නැවත කල්මුනේ පිපුරුම පිටිපස්සේ මොවුන් ඉන්නවා. දැන් නැවත මුස්ලිම් ත්රස්තවාදීන් බෝම්බ පුපුරන්නේ නැහැ. දැන් බෝම්බ පිපුරුනොත් පුපුරවන්නේ ආණ්ඩුව සහ අනිත් පාර්ශවය. වෙන්න තිබ්බ දෙයින් වුනේ 1%යි
Reply : 1 0
Champa Friday, 10 May 2019 06:30 PM
මේකේ නොකෙරිච්ච තවත් කොටසක් තියෙනව. ඒ තමයි හිතපු විදිහට ජාතිවාදී කලබල ඇති කරලා මහා මිනිස් ඝාතන රැසක් කරලා, මහා පරිමාණයෙන් සිංහලයන් ඝාතනය කරලා ජනාධිපතිට ඉල්ලා අස් වෙන්න කියල රට පුරා විරෝධයක් ගෙනල්ල ඊට පස්සේ රනිල්ට වැඩ බලන ජානාධිපති තනතුර දෙන්න. ඒකට අනිත් පාර්ශවයත් සම්බන්ධයි. ඊට පස්සේ ජනාධිපතිවරණ නැහැ. ඊළඟට රටේ පාලනයට ජනතා චන්දය ඕනේ වෙන්නේ නැහැ. ඔවුන්ට ඕනේ විදිහට ඊළඟ ඖවුරුදු 20 - 30 රටේ පාලනය ගෙනියනව. මොකක් හරි හේතුවක් හින්දා මේවා ඔක්කොම වැළකුණා. ඒ කියන්නේ ඊලඟ ජනාධිපතිවරණය තියෙන එක වලක්වන්න මොන දහන්ගැට දැම්මත් හරි යන්නේ නැහැ කියන එක. අනිත් එක තමයි පොතේ හැටියට 2020 ජනාධිපතිවරණයක් තියන්නේ තුබුණේ නැහැ. නමුත් කැරකිලා කැරකිලා එහෙම තියන්න විදිහක් හැදිලා තියෙනවා. ඒ කියන්නේ කවුරුවත් හිතපු නැති විදිහට මහින්ද අවුරුදු 2 කට කලින් 2015 චන්දෙ තිබ්බ. ඒ හින්ද ජනාධිපතිවරණෙ 2021ට ගියා. නමුත් මෛත්‍රී කිසි හේතුවක් නැතුව තමන්ගේ ධූර කාලය අවුරුද්දකින් අඩු කළා. දැන් ඒ හින්ද 2020 ට (2019 අගට) ජනාධිපතිවරණයක් ආව. ලංකාව කියන්නේ ඉරණම කලින් ලියවෙච්ච රටක්. සියල්ල සිද්ධ වෙන්නේ ඒ හැටියට. ඒ වගේම ලංකාවේ ඊළඟ ජනාධිපති
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

