ගලේවෙල කලාවැව බස්නැවතුම්පොළ අසළ නිදා සිටි පුද්ගලයෙකුට පහරදි ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (26 දා) ගලේවෙල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
ගලේවෙල කලාවැව බස්නැවතුම්පොලහි නිදාගෙන සිටින ගලේවෙල පොදු වැසිකිළියට අනුයුක්තව සේවය කරන වයස අවු 60 කම්කරුවෙකු මෙසේ ඝාතනය කර තිබේ.
මෙම ඝාතනය සිදුකළ ආකාරය අසල පිහටි වෙළඳසැලක සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණි.
සී.සී.ටී.වී. කැමරාවේ සටහන් ව තිබූ දර්ශන ඔස්සේ ගලේවෙල පොලීසිය විමර්ශන අනුව ගලේවෙල පාලූ හොම්බාව ප්රදේශයේ පදිංචි ටී. එම්. රත්නපාල නැමති දඹුල්ල බස්නැවතුම් සේවා ස්ථානයට අනුයුක්තව සේවය කරන බස් රථ වෙලා සටහන්කරුවෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ගලේවෙල මොහොමඩ් බුහර්දීන්

