කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ගල්ෆ් කලාපයේ රාජ්‍යයන් රැසකටද පීඩා ඇතිකොට තිබෙන පරිසරයක, එම රටවල සේවය කරන සංක්‍රමණික කම්කරුවන් අර්බුද රැසකට මුහුණ දී ඇති බව වාර්තා වෙයි.
විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරුවන් රැසකට සිය ආදායම් මාර්ග අහිමි වී ගොස් ඇත්තේ ඔවුන්ව සේවයෙන් ඉවත්කොට ඇති නිසාය.
මේ නිසා ඔවුන් බොහෝ දෙනෙකු මේ වනවිට සිය කම්කරු කඳවුරුවලට කොටුවී ඇති අතර, මුදල් හෝ කිසිදු වන්දි මුදලක් හෝ ගෙවීමක් නොමැති බව කියැවෙයි.
ඇතැම් සමාගම්වලින් ඔවුන්ට මාස දෙකක පමණ වැටුපක් ලබාදී තිබුණත්, ඉදිරියේදී කිසිදු වැටුපක් ලබාදිය නොහැකි බව පවසා ඇති අතර, නැවත නිවෙස් බලා යෑමට ටිකට් පතක් මිලදී ගන්නා ලෙස දන්වා තිබේ.