කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල තැපැල් කාර්යාලය අද (11) දහවල් සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමිමට තින්දු කළ බැව් දකුණු පළාත් භාර නියෝජ්‍ය තැපල්පති ටි.එල්.එම්.එස් මෙන්ඩිස් මහත්මිය පැවසුවාය.
ගාල්ල තැපැල් කාර්යාලයේ කාර්යමණ්ඩලයේ තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට දැනුම් දිමෙන් පසු සෞඛ්‍ය අංශවල නිර්දේශ මත මෙම පියවරගත් බවද නියෝජ්‍ය තැපල්පතිනිය සදහන් කළාය.
ගාල්ල නාගරික බල ප්‍රදේශය තුල ඉකුත් 09 වැනිදින කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණවල ප්‍රථිපල අද (11) ලැබි ඇති අතර ඒ අනුව තැපල් කාර්යාලයේ සේවකයින් තිදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.
තැපැල් කාර්යාලය විවෘත කරන දිනය පසුව දැනුම්දෙන බවද නියෝජ්‍ය තැපල්පතිනිය වැඩිදුරටත් සදහන් කළාය.