කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් (07) දින සිට වසා දැමිමට මිට සුළු මොහෙතකට පෙර තින්දු කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.
දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා සමග කළ සාකච්ඡාවකින් පසු මෙම තිරණය ගත් බවද ඒ මහතා පවසයි. ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් විවෘත කරන දිනය සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡාකොට පසුව දැනුම් දෙන බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.
ඇත්තිලිගොඩ දකුණ,මකුළුව, දෙද්දුගොඩ,උතුර, තලාපිටිය හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරිවසම්වල මෙකි ප්‍රජාවගේ කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණ ලැබෙන තෙක් සිමා සහිත සංචරණ සිමා පනවා ඇත.