ගම්මන්පිලගේ කතාව අසත්‍යයි - තලතා
අධිකරණ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙකු අප්‍රේල් මස 08 වන දින සිට 12 වන දින දක්වා ඇමරිකානු එක්සත් ජනපදයේ කරන ලද සංචාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා කරන ලද ප්‍රකාශය සත්‍යයෙන් තොර දේශපාලන වාසි ලබා ගැනීම සදහා කරන ලද ප්‍රකාශයක් ලෙස වගකීමෙන් ප්‍රතික්ෂේප කරන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රකාශ කරයි.
මෙම ප්‍රකාශය තුළ නම් සඳහන් කරමින් දක්වන ලද ඇමරිකානු තානාපති කාර්යාලයේ ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ නීති උපදේශක පැට්රික් ජේ එහෙලර් (Patrick J.Ehelers) මහතාට යම්කිසි සිත් වේදනාවක් හෝ අපහසුතාවයක් ඇති වුයේ නම් ශ්‍රී ලංකා රජය සහ ගරු අධිකරණය වෙනුවෙන් තම කණගාටුව ප්‍රකාශ කරන බවත් ඇය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

popular news
-
Champa Sunday, 12 May 2019 04:31 PM
තුක් විතරක් වහල් මානසිකත්වය. ඇමරිකාව ලංකාවේ අධිකරණයට හොට දාන්න ඕනේ නැත්නම් අධිකරණ විනිශ්චයකාරයන් ඒ රටට ගෙන්නලා lectures දෙයිද? අනිත් එක එහෙම ආරාධනාවක් ආව නම් ඒක ප්‍රතික්ෂේප කරන්න තරම් ඒ විනිශ්චයකාරයන්ට කොන්දක් නොතිබ්බ එක ඊට වඩා අන්තයි. හැබැයි ඔය කතාවේ කවුරු හරි හිතනවා නම් ඇමරිකාව ගෝඨාභයට විරුද්ධයි කියල ඒක ලොකු මෝඩ කමක්. ඇමරිකාව මේ පාර කරන්නේ opposite එක. ඒ කියන්නේ ලංකාවේ සිංහලයන් ඇමරිකාව විරුද්ධ නම් මොහොකට හරි ඇමරිකාවට challenge එකක් දෙන්න ඔවුන් අකැමති දේම කරයි කියල විශ්වාස කරලා වැඩ කරන බව පේනවා. කලින් හිටපු ඇමරිකන් තානාපති කෙශාප් ගෝඨාභයට විරුද්ධයි කියලා පහුගිය අවුරුද්දේ කතවක් ආවහම මම මේක ලිව්වා. ඒ විරුද්ධත්වය බොරුවක්. ඇමරිකාව 2015 කෙලින්ම වැඩ කරලා මහින්දව අයින් කරලා තමන් කැමති ගැත්තන් රටේ පාලකයන් කළා. ඔවුන් මෛත්‍රීව දැම්මේ රනිල්ට ජනාධිපතිවරණෙ දිනන්න බැරි හින්ද තාවකාලිකව ටික කාලෙකට. ඒ වැඩේ වැරදුන. දැන් ඔවුන් දන්නවා රනිල්ට ඊළඟ චන්දෙ දිනන්න බැහැ කියලා. ඒ හින්ද ඔවුන් රනිල්ට වඩා ඇමරිකන් ගැත්තෙක් රටේ ඊලඟ ජනාධිපති කරන්න මේ පාර කෙලින්ම නැතුව වක්‍රාකාරයෙන් වැඩ කරනවා.
Reply : 0 0
rocky Monday, 13 May 2019 07:38 PM
ඇමරිකාව එච්චර ගණන් ගන්න ඕන නැහැ චම්පෝ, ඇමෙරික විරෝධී ප්‍රබල තම බලවේගය වන විමල් වීරවංස අපට ඉන්නවනේ. අපට ට්‍රම්ප් කාරයා ජාතිය දාන්න ආවොත් මේ සැරේ වීරවංස උන්නැහේ මැරෙනතුරු සංවාසයේ යෙදෙන්න ඉදිරිපත් වේවි, ඇමෙරිකාවේ ඉන්න හැම එකාටම චූ යන්න! .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

