ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් පහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ මාර්ගය අද්දරට කසළ තොගයක් ගෙනැවිත් දමා තිබූ පුද්ගලයෙකු බිල් පතක් අනුව සොයා ගැනීමට ප්‍රාදේශීය සභා නිලධාරීන් සහ පොලීසිය සමත්ව ඇත.
පසුගිය දිනෙක රාත්‍රී කාලයේදී නරක්වූ එළවළු තොගයක් සහිත කසළ ගොඩක් මාර්ගය අද්දරට දමාගොස් ඇති බවට ප්‍රදේශවාසීන් විසින් ප්‍රාදේශීය සභාවේ උප සභාපති ජයන්ත මුදන්නායක මහතාට දැනුම්දී ඇති අතර ඒ අනුව සභාවේ සෞඛ්‍ය පරිපාලක සුනන්ද දිසානායක මහතාද ගෙන්වා ගනිමින් ප්‍රදේශවාසීන් සමග කසළ ගොඩ අවුස්සා බැලීමේදී ලිපිනයක් සහිත බිල් පතක් හමුව ඇත.
එය කඩවත නගරයේ එළවළු බවට සදහන්ව තිබීම මත එහි තිබූ දුරකථන අංකයකට අමතා කසළ ගොඩ ඉවත් කරන ලෙස දැනුම් දී ඇතත් කිසිවෙකුත් නොපැමිණීම හේතුවෙන් වැලිවේරිය පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත පුෂ්පකුමාර මහතාගේ උපදෙස් අනුව වෙළඳසල් හිමිකරු අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
සැකකරු අත් අඩංගුවට ගැනීමෙන් පසුව මංමාවත්වලට කසළ බැහැර කිරීමේ චෝදනාව මත ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ගම්පහ තිලකරත්න දිසානායක